අවසන් යාවත්කාලීන කිරීම (මැයි 4 පෙරවරු 06.30ට)
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව මැයි 3 ඉරිදා පස්වරු 11.30 වන විට 718ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. මැයි 3 දිනය තුළ මෙතෙක් නව ආසාදිතයින් 13 දෙනෙක් වාර්තා වී ඇති අතර 12ක් සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.
මැයි 03 දිනයේදී වාර්තා වූ කොරෝනා ආසාදිත රෝගීන් 13 දෙනා ගෙන් 11 දෙනෙක් නාවික හමුදාවේ සාමාජිකයින් බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියා. ඔවුන් වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කර නිවාඩු ලබා නිවෙස් බලා ගොස් නැවත පැමිණි අය බවද යුධ හමුදාපතිවරයා කියා සිටියා. අනෙක් ආසාදිතයින් දෙදෙනා ආසාදිත නාවික හමුදා සාමාජිකයින් ළඟින් ඇසුරු කරන ලද ඥාතියෙක් සහ මිතුරෙක් බව ද හමුදාපතිවරයා සඳහන් කළා.
ඒ අනුව මැයි 3 පස්වරු 11.30 වන විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 184කි. සමස්ථ ආසාදිතයින් අතුරින් 7 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 527ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 176ක් බවද සඳහන් වේ.
මේ අතර දෛනික වාර්තාව මගින් වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ මාර්තු 31 දිනෙන් පසුව හඳුනාගත් ආසාදිතයින්ගෙන් අතිශය බහුරතයක් රෝග ලක්ෂණ පෙන්නුම් නොකළ ආසාදිතයින් බවයි.
මේ වන සක්‍රීය ආසාදිතයින්ට ප්‍රතිකාර කෙරෙන රෝහල් ලෙස IDH රෝහල, වැලිකන්ද මූලික රෝහල, මුල්ලේරියාව මූලික රෝහල, ඉරණවිල මූලික රෝහල, කාත්තන්කුඩි මූලික රෝහල, හෝමාගම මූලික රෝහල හා නාවික හමුදා රෝහල ද ප්‍රතිකාර කිරීම සඳහා යොදාගෙන තිබෙනවා.
ඒ අනුව මැයි 3 දින පෙරවරු 10.30 වන විට සිටි සක්‍රීය ආසාදිතයින් 516 අතුරින්,
- IDH රෝහල – 124
- වැලිකන්ද මූලික රෝහල – 51
- මුල්ලේරියාව මූලික රෝහල – 78
- ඉරණවිල මූලික රෝහල – 17
- කාත්තන්කුඩි මූලික රෝහල – 59
- නාවික හමුදා රෝහල – 132ක් ද
- හෝමාගම මූලික රෝහල – 52ක් ප්‍රතිකාර ලබමින් සිටිනවා.
වසංගත රෝග විද්‍යා අංශය මැයි 2 දින නිකුත් කළ දෛනික වාර්තාව අනුව හඳුනාගෙන ඇති සමස්ථ ආසාදිතයින් දිස්ත්‍රික් වශයෙන් දක්වා තිබුණි. නමුත් මැයි 3 වාර්තාව අනුව මෙතෙක් වාර්තා වූ සම්පූර්ණ ප්‍රමාණයන් වෙනස් වී තිබෙනවා. උදාහරණයක් වශයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් ආසාදිතයින් ප්‍රමාණය 160ක් ලෙස මැයි 2 වාර්තාවේ දක්වා තිබුණද මැයි 3 දින වාර්තාවෙන් 154ක් ලෙස දක්වා ඇත. ඊට හේතුව ලෙස පෙනී යන්නේ දිස්ත්‍රික්ක තුළින් ආසාදිතයින් හමුවීමත් සමග හඳුනාගත් පිරිස් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමෙන් පසු වාර්තා වූ ආසාදිතයින් වෙනම වාර්තා කිරීම බවයි.
ඒ අනුව එම වෙනස් වීම මෙසේය.

මේ අතර නුවරඑලිය, කිලිනොච්චි, මන්නාරම හා මුලතිව් යන දිස්ත්‍රික්ක 4න් තවමත් ආසාදිතයින් වාර්තා වී නැත.
මැයි 3 පස්වරු 8.30 විට සුවය ලබා ඇති ආසාදිතයින්ගේ අනුපාතය 25.9%ක් ලෙසත් මරණ අනුපාතය 0.9%ක් ලෙසත් වාර්තා වේ. එම මරණ අනුපාතය දකුණු ආසියාවේ මරණ සිදුවී ඇති රටවල මරණ අනුපාතයන් අතුරින් අඩුම මරණ අනුපාතයයි.
