,
Covid-19

5000 දීමනාව මැයි මාසයටත්, විශ්‍රාම වැටුප් ඇතුළු සියල්ල වෙසක් පෝයට පෙර, හැඳුනුම්පත් අංක ක්‍රමය ගැනත් සඳහනක්

කොරෝනා ව්‍යාප්තිය නිසා පීඩාවට පත් කණ්ඩායම් වලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නියමය අනුව හිමිවන රුපියල් පන්දහසේ දීමනාව මැයි මාසය සඳහාත් ගෙවනු ලබන බව මැයි 3 දින නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ එම දීමනා ගෙවීම් මැයි 4 දින සිට ආරම්භ කර වෙසක් පොහොය දිනයට පෙර ගෙවා අවසන් කරන බවයි. එමෙන්ම වැඩිහිටි දීමනා හා විශ්‍රාම වැටුප්ද මැයි 4 සිට ගෙවීම ආරම්භ කර පොහොයට පෙර අවසන් කරන බවද එහි සදහන්.

තවත් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ ජනතාව අනවශ්‍ය ලෙස ඒකරාශී වීම පාලනය කරනු පිණිස හඳුන්වා දුන් ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය අනුව නිවෙස් වලින් බැහැර යාමට දෙන අවසරය අදාළ වන්නේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවලට පමණක් බව දැනුම් දෙනු ලැබේ.

ඇඳිරි නීතිය ඉවත් කෙරෙන ප්‍රදේශවලට එම ක්‍රමය කිසිසේත් අදාළ නොවන බවද එහි දැක්වෙනවා.

Rivira Ads
To Top