,
Covid-19

අවසන් මොහොතේ එජාපයත් අගමැති මහින්දගේ රැස්වීමට සහභාගී නොවන්න තීරණය කරයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් මැයි 04 දිනයේ කැඳවා ඇති සාකච්ඡාව වර්ජනය කිරිමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇති බව මැයි 03 දින නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂ පවසනවා.

මීට පෙර එජාප මහලේකම් නීතිඥ අකිල් විරාජ් කාරියවසම් විසින් අගමැතිවරයා වෙත ලිඛිතව දන්වා තිබුණේ අදාළ රැස්වීමට සහභාගී වන බවයි. නමුත් ඉන්පසු සමගි ජනබලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ ඊට සහභාගී නොවන බව දැන්වීය. ඉන්පසු මෙම නිවේදනය නිකුත් කරන එක්සකත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකය කියා සිටින්නේ එජාපය එම රැස්වීම වර්ජනය කිරීමට තීරණය කර ඇති බවයි.

අග්‍රාමාත්‍යවරයා විසින් අදාළ රැස්වීමට පාර්ලිමේන්තුව නියෝජනය කර ඇති සියලු මන්ත්‍රීවරුන් රැස්විම සඳහා මැයි 04 දිනයේ අරලියගහ මන්දීරය වෙත කැඳවීමට තීරණය කර තිබෙනවා. මීට පෙර එම රැස්වීම 8 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට පමණක් සීමා වී තිබුණා.

නිවේදනය මගින් එජාපය කියා සිටින්නේ මෙවැනි අවස්ථාවකදී අර්ථවක් සංවාදයක් පැවැත්විය නොහැකි බවයි. එහෙත් කොවිඩ්-19 උවදුර හමුවේ රට අස්ථාවර වී ඇති අවස්ථාවක රජය ගන්නා සියලු ක්‍රියාමාර්ගයන්ට සහය විමට එක්සත් ජාතික පක්ෂය සූදානම් බව ද එම නිවේදනයේ සඳහන් වේ.

Rivira Ads
To Top