අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මැයි 04 වැනිදා අරලියගහ මන්දිරයේ පැවැත්වෙමින් ඇති පාර්ලිමේන්තුව නියෝජනය කර ඇති හිටපු මන්ත්‍රීවරු හමුවට 8වැනි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකධූරය දැරූ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ඇතුළු එම පක්ෂයේ මන්ත්‍රීවරුන් සහභාගී වී තිබේ.
මීට පෙර අදාළ රැස්වීම සඳහා කැඳවා තිබුණේ 2015 දී තේරී පත්වූ, අවසන් වරට විසුරුවාහරින ලද පාර්ලිමේන්තුවේ සිටි මන්ත්‍රීවරුන් 225 දෙනා වුවද සමගි ජනබලවේගය, ජනතා විමුක්ති පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය එම රැස්වීම වර්ජනය කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කර ඇති සියලුම මන්ත්‍රීවරුන්ට අදාළ රැස්වීම විවෘත කර ඒ සඳහා ආරාධනා කර තිබුණා.
- හිටපු මන්ත්‍රීන් 225 අරලිය මැදුරට කැඳවන රැස්වීමට, අනුර බෑ කියයි
- සමගි ජන බලවේගයත් කොරෝනා මර්දනයට අගමැති කැඳවූ රැස්වීම වර්ජනය කරයි
- එජාපයත් අගමැති මහින්දගේ රැස්වීමට සහභාගී නොවන්න තීරණය කරයි
මෙම රැස්වීමේ දී කොවිඩ්-19 වසංගත තත්වය සම්බන්ධයෙන් රජය ගනු ලැබූ සහ ඉදිරියට ගැනීමට නියමිත කි‍්‍රයාමාර්ග පිළිබඳව හිටපු මන්තී‍්‍රවරුන් වෙත කරුණු පැහැදිලි කිරීමට නියමිත බව අගමැති මාධ්‍ය අංශය කියා සිටී.
හිටපු මන්තී‍්‍රවරුන් සිය අදහස් ඉදිරිපත් කිරීමටත් ඔවුන්ගේ ප‍්‍රශ්නවලට පිළිතුරු දීමත් සඳහා කාලය වෙන කර ඇති බවද අග‍්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
වත්මන් තත්ත්වය සහ අපේක්ෂිත තත්ත්වයන් පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ බුද්ධි අංශ විසින් කරුණු ඉදිරිපත් කිරීමට නියමිත අතර මෙම අවස්ථාවට කොවිඞ් -19 ජනාධිපති කාර්ය සාධක බලකායේ සමාජිකයන්ද, අග‍්‍රාමාත්‍ය ලේකම්වරයා, මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු පිරිසක් සහභාගී වී සිටින බව අග‍්‍රාමාත්‍ය මාධ්‍ය අංශය කියා සිටී.

