කොවිඩ්-19

වෛරසය ආසාධනය වීමෙන් පසු සුවය ලැබූ පළමු නාවික හමුදා සාමාජිකයා

කොවිඩ්-19 වෛරසය නාවික හමුදා සාමාජිකයින් විශාල පිරිසකට ආසාධනය වූයේ ජාඇල සුදුවැල්ල ප්‍රදේශයේ කළ ආසාධිතයින් සෙවීමේ මෙහෙයුමක් හේතුවෙනි.

පළමුවරට නාවික හමුදා සාමාජිකයෙකුට වෛරසය වැළඳී ඇති බවට තහවුරු වූයේ අප්‍රේල් 22 දින පොළොන්නරුව ප්‍රදේශයෙන් නාවික හමුදා සාමාජිකයෙකු වාර්තා වීමත් සමගයි. ඔහු නිවාඩු ලබා නිවසට ගොස් ඇති අවස්ථාවේ දී රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් රෝහල්ගත වී තිබුණා. පසුව ඔහුව ආශ්‍රය කළ තවත් නාවික හමුදා සාමාජිකයෙකුට වෛරසය ආසාධනය වීමත් සමග ඇති වූ සැකයක් මත සොයා බැලීමේදී නාවික හමුදා සාමාජිකයින් හා ඒ ආශ්‍රිත පුද්ගලයින් 324කට අධික පිරිසකට වෛරසය ආසාදනය වී ඇති බව මැයි 04 දින වන විට තහවුරු වී තිබෙනවා.

ඒ අනුව මැයි 03 දින පළමුවරට ආසාධිත නාවික හමුදා සාමාජිකයෙකු සුවය ලබා තිබෙන බව IDH රෝහල සඳහන් කරනවා. ඔහු එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අයෙක්.

Rivira FB Group Rivira Youtube
To Top