ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව මැයි 4 සඳුදා පස්වරු 7.00 වන විට 719ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. මැයි 4 දිනය තුළ මෙතෙක් නව ආසාදිතයින් 1ක් වාර්තා වී ඇති අතර 3ක් සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.
ඒ අනුව මැයි 4 පස්වරු 7 වන විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 187කි. සමස්ථ ආසාදිතයින් අතුරින් 7 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 524ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 137ක් බවද සඳහන් වේ.
මේ වන සක්‍රීය ආසාදිතයින්ට ප්‍රතිකාර කෙරෙන රෝහල් ලෙස IDH රෝහල, වැලිකන්ද මූලික රෝහල, මුල්ලේරියාව මූලික රෝහල, ඉරණවිල මූලික රෝහල, කාත්තන්කුඩි මූලික රෝහල, හෝමාගම මූලික රෝහල හා නාවික හමුදා රෝහල ද ප්‍රතිකාර කිරීම සඳහා යොදාගෙන තිබෙනවා.
ඒ අනුව මැයි 4 දින පෙරවරු 10.30 වන විට සිටි සක්‍රීය ආසාදිතයින් 523 අතුරින්,
- IDH රෝහල – 117
- වැලිකන්ද මූලික රෝහල – 54
- මුල්ලේරියාව මූලික රෝහල – 81
- ඉරණවිල මූලික රෝහල – 17
- කාත්තන්කුඩි මූලික රෝහල – 59
- නාවික හමුදා රෝහල – 134ක් ද
- හෝමාගම මූලික රෝහල – 60ක් ප්‍රතිකාර ලබමින් සිටිනවා.
මැයි 4 පස්වරු 7 විට සුවය ලබා ඇති ආසාදිතයින්ගේ අනුපාතය 26%ක් ලෙසත් මරණ අනුපාතය 0.9%ක් ලෙසත් වාර්තා වේ. එම මරණ අනුපාතය දකුණු ආසියාවේ මරණ සිදුවී ඇති රටවල මරණ අනුපාතයන් අතුරින් අඩුම මරණ අනුපාතයයි.
එමෙන්ම මැයි 4 පස්වරු 7 වන විට ශ්‍රී ලංකාව තුළ සිදුකර ඇති සමස්ථ පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 26,842ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරනවා. එම ප්‍රමාණය ජනගහණය මිලියනයකට සාපේක්ෂව 1254ක අගයක් ගනී. පාකිස්ථානයේ එම ප්‍රමාණය 962ක් වන අතර ඉන්දියාවේ 802ක් වේ. මැයි 1 දින සිට දෛනික පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව මෙසේය.
- මැයි 01 – 1,107 හඳුනාගෙන ආසාදිතයින් ගණන – 25
- මැයි 02 – 1,681 හඳුනාගෙන ආසාදිතයින් ගණන – 15
- මැයි 03 – 1,636 හඳුනාගෙන ආසාදිතයින් ගණන – 13

