ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාධිතයින් සංඛ්‍යාව මැයි 4 සඳුදා පස්වරු 11.55 වන විට 751ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. මැයි 4 දිනය තුළ මෙතෙක් නව ආසාධිතයින් 33ක් වාර්තා වී ඇති අතර 10ක් සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.
දිනය තුළ වෛරසය හේතුවෙන් 8 වැනි මරණයත් සිදුවූ අතර අදාළ කාන්තාව වකුගුඩු රෝගයකින්ද පීඩා වින්ද බව සඳහන්. මෙම මරණය වාර්තා වුනේ අප්‍රේල් 8 වැනි දින 7 වැනි මරණය වාර්තා වී දින 27කට පසුවයි.
ඒ අනුව මැයි 4 පස්වරු 11.55 වන විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 194කි. සමස්ථ ආසාධිතයින් අතුරින් 8 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාධිතයින් ගණන 549ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 137ක් බවද සඳහන් වේ.

