කොවිඩ්-19

තවත් ආසාධිතයින් 4ක්, සක්‍රීය අසාධිතයින් ගණන 553ක්, සමස්ථය 755යි

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාධිතයින් සංඛ්‍යාව මැයි 5 අඟහරුවාදා පෙරවරු 8.30 වන විට 755ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. මැයි 5 දිනය තුළ මෙතෙක් නව ආසාධිතයින් 4ක් වාර්තා වී ඇති වී තිබෙනවා.

මැයි 4 දිනය තුළ නව ආසාධිතයින් 33ක් වාර්තා වී ඇති අතර ඉන් 31 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයින් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියා. එසේම අනෙක් දෙදෙනා වයස අවුරුදු 13 ක දරුවෙක් සහ 70 ක කාන්තාවක් බවත් ඔවුන් නාවික හමුදා සාමාජිකයින් ළඟින් ඇසුරු කළ අය බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා අනාවරණය කළා. මැයි 4 දිනය තුළ ආසාධිතයින් 10ක් සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා. දිනය තුළ වෛරසය හේතුවෙන් 8 වැනි මරණයත් සිදුවූ අතර 72 හැවිරිදි පොල්පිතිගම පදිංචි අදාළ කාන්තාව වකුගුඩු රෝගයකින්ද පීඩා වින්ද බව සඳහන්. මෙම මරණය වාර්තා වුනේ අප්‍රේල් 8 වැනි දින 7 වැනි මරණය වාර්තා වී දින 27කට පසුවයි.

ඒ අනුව මැයි 5 පෙරවරු 9 වන විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 194කි. සමස්ථ ආසාධිතයින් අතුරින් 8 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාධිතයින් ගණන 553ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 137ක් බවද සඳහන් වේ.

Rivira FB Group Rivira Youtube
To Top