,
Covid-19

ප්‍රදේශ කිහිපයක 138ක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරේ

කොවිඩ්-19 වෛරසය ආසාධිත පිරිස් ළඟින් ඇසුරු කළ පුද්ගලයින් 138 දෙනෙකු මැයි 05 දිනයේ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියා.

මේ අතර රාජගිරිය බණ්ඩාරනායක පුර ප්‍රදේශයේ පුද්ගලයින් 29 දෙනෙකු, කොළොන්නාව ප්‍රදේශයේ පුද්ගලයින් 27 දෙනෙකු සහ මහනුවර, කොලබිස්ස ප්‍රදේශයේ පුද්ගලයින් 67 දෙනෙකු ඇතුළු පිරිසක් සිටින බව වාර්තා වේ.

ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 39ක් තුළ දිනය වන විට පුද්ගලයින් 4,883 දෙනෙකු රැදි සිටින බවද යුධ හමුදාපතිවරයා කියා සිටියා. මේ අතර එංගලන්තයේ සිට රැගෙන එන පිරිස්ද යුධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කරන බවද ඔහු වැඩි දුරටත් පැවසුවා.

එසේම මැයි 04 දින දඹුල්ල ප්‍රදේශයේ දී ඇද වැටී මරණයට පත් වූ යුධ හමුදා සෙබළා අපස්මාරය රෝගී තත්වය පෙළෙන්නෙකු බවත් ඔහු එක් කඳවුරක සිට තවත් කඳවුරක් දක්වා ගමන් කිරීමේ දී අදාළ සිදුවීමට මුහුණ දී ඇති බවද සඳහන් කළ හමුදාපතිවරයා කියා සිටියේ අධිකරණ වෛද්‍ය පරීක්ෂණයෙන් පසු ඔහුගේ මරණයට නිශ්චිත හේතුව අනාවරණය වනු ඇති බවයි.

Rivira Ads
To Top