රාජ්‍ය සේවකයින්ගේ මැයි මාසයේ වැටුප හෝ ඉන් කොටසක් පරිත්‍යාග කරන ලෙස ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා රාජ්‍ය සේවකයින්ට ආයාචනයක් කර තිබෙනවා.
මැයි 05 දිනැතිව පෞද්ගලික ආයාචනයක් බව දක්වමින් අදාළ ලිපිය යොමු කරන ජනාධිපති ලේකම්වරයා රට දැනට මුහුණ දී ඇති තත්වය පිළිබඳ දීර්ග පැහැදිලි කිරීමක් සිදුකරමින් පවසන්නේ කොවිඩ්-19 මර්දන වැඩ පිළිවෙලට රාජ්‍ය නිලධාරීන්ගේ දායකත්වය අතිශය ප්‍රශංසනීය බවයි.
අදාළ ලිපියෙන් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ අප රටේ රාජ්‍ය සේවක වැටුප් හා දීමනා වෙනුවෙන් මාසිකව රුපියල් බිලියන 100 කට ආසන්න මුදලක් අවශ්‍ය බවයි. යම් අවස්ථාවක එක් මසක වැටුප නොගෙන එම මුදල වැන්දඹු අනත්දරු අරමුදල සඳහා යෙදවුවහොත් සැමවිටම කතා කරන අයවැය හිඟය අපටම අඩු කරගත හැකි බව සිය ලිපියෙන් ජනාධිපති ලේකම්වරයා කියා සිටී.
තමන් ද ඊට ආදර්ශයක් දෙමින් තමාගේ මැයි මස වැටුප වැන්දඹු අනත්දරු දායකත්වය සඳහා යොදවන ලෙස ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන මූල්‍ය නිලදාරියාට උපදෙස් දී තිබෙන බවද ඔහු කියා සිටී.
මාසික වැටුප පරිත්‍යාග කිරීමට අපහසු අය සිටිය හැකි බව පවසන ලේකම්වරයා ලිපිය අවසානයේ දී කියා ඇත්තේ එවැනි තත්වයක දී වැටුපෙන් අඩක්, සතියක වැටුපක්, දිනක වැටුපක් ලෙස තම දායකත්වය සැපයිය හැකියැයි තමන් විශ්වාස කරන බවයි.
සම්පූර්ණ ලිපිය පහතින්.

