මහා මැතිවරණය පැවැත්වීමේදී අනුගමනය කලයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ අවසන් වාර්තාව මැතිවරණ කොමිෂන් සභාව වෙත සෞඛ්‍ය අංශ විසින් තවමත් නිල වශයෙන් නිකුත් කර නොමැති බව මැයි 06 නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාතයංශය අවධාරණය කරනවා.
සූදානම් විය යුතු ආකාරය පිළිබඳ හා මූලික අංශ පිලිබඳ අතුරු වාර්තාව පමණක් ඉදිරිපත් කර ඇති බවද එම නිවේදනයේ සඳහන්.
මැයි 05 දින සමහර මාධ්‍ය වාර්තාකරණයන් සහ සමහර සමාජ මාධ්‍ය වාර්තා නිසා මහා මැතිවරණය පැවැත්වීමේදී අනුගමනය කලයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ මේ වන විට සෞඛ්‍ය අංශ විසින් මැතිවරණ කොමිසම වෙත නිල වශයෙන් භාර දී ඇතැයි මහජනතාවට වැරදි අවබෝධයක් ඇති වීමට ඉඩ තිබෙන බව පෙනෙන්නට ඇති බව අමාත්‍යංශය කියා සිටී.
මූලික වාර්තාවක් ලබා දුන්න ද අවසන් මාර්ගෝපදේශ සංග්‍රහය තවමත් නිල වශයෙන් නිකුත් කර නොමැති බව පවසන අමාත්‍යංශය කියා සිටින්නේ ඉදිරිපත් වී ඇති යෝජනා සමාලෝචනය කරමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් වැඩිදුරටත් පවසයි.
මහා මැතිවරණය පැවැත්වීමට බලාපොරොත්තු වන්නේ කුමන කාලයේද යන සාධකය ඇතුලු තවත් සාධක කිහිපයක් අනුව අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ ද වෙනස් විය හැකි බව එම නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙයි.
මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබා දෙන නිල සෞඛ්‍ය මාර්ගෝපදේශය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු සෞඛ්‍ය බලධාරීන්ගේ සහ විවිධ අංශ නියෝජනය කරන විශේෂඥයින්ගේ නිර්දේශද සැලකිල්ලට ගෙන තව දුරටත් සමාලෝචනය කර කඩිනමින් ලබා දීමට කටයුතු කරන බවද වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් කියා සිටී.

