කොවිඩ්-19

තවත් ආසාධිතයින් 2ක්, සමස්ථ ආසාධිතයින් 797යි, සක්‍රීය 573යි

අවසන් යාවත්කාලීන කිරීම (මැයි 06 පස්වරු 11.55ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාධිතයින් සංඛ්‍යාව මැයි 06 බදාදා පස්වරු 11.55 වන විට 797ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඒ තවත් ආසාධිතයින් 2 දෙනෙකු හඳුනාගැනීමත් සමගයි. ඒ අනුව මැයි 6 දිනය තුළ මෙතෙක් නව ආසාධිතයින් 26ක් වාර්තා වී ඇති අතර 2ක් සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා. සක්‍රීය ආසාධිතයින් සංඛ්‍යාව 573ක් වේ.

තවත් ආසාධිතයින් 21ක්, සමස්ථ ආසාධිතයින් 795යි, සක්‍රීය 571යි (මැයි 06 පස්වරු 09.30ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාධිතයින් සංඛ්‍යාව මැයි 06 බදාදා පස්වරු 9.30 වන විට 795ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඒ තවත් ආසාධිතයින් 21 දෙනෙකු හඳුනාගැනීමත් සමගයි. ඒ අනුව මැයි 6 දිනය තුළ මෙතෙක් නව ආසාධිතයින් 24ක් වාර්තා වී ඇති අතර 2ක් සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා. සක්‍රීය ආසාධිතයින් සංඛ්‍යාව 571ක් වේ.

සමස්ථ ආසාධිතයින් 774යි, සක්‍රීය 550යි, වෛරසය ආසාධනය නොවූ පිරිසක් ගැනත් කියයි (මැයි 06 පස්වරු 09.30ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාධිතයින් සංඛ්‍යාව මැයි 06 බදාදා පස්වරු 5.30 වන විට 771ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. මැයි 6 දිනය තුළ මෙතෙක් නව ආසාධිතයින් 3ක් වාර්තා වී ඇති අතර 2ක් සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.

මේ අතර විශේෂ ප්‍රකාශයක් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංග සඳහන් කළේ මැයි 05 දිනය තුළ රාජගිරිය, කොළොන්නාව සහ ජාතික රෝහලේ හෙදියට වෛරසය වැළඳී ඇතැයි සැක කළ ද ඔවුන්ගේ පීසීආර් පරීක්ෂණයෙන් ඔවුන්ට වෛරසය වැළඳී නැති බව තහවුරු වී ඇති බවයි. ඔවුන් සමස්ථ ආසාධිතයින් සංඛ්‍යාවෙන් ඉවත් කර ඇති බව වසංගත රෝග විද්‍යා අංශය තහවුරු කළා.

වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත අනුව මැයි 05 අඟහරුවාදා නව ආසාධිතයින් 16 දෙනෙකු හඳුනාගෙන ඇත.

ඒ අනුව මැයි 6 පස්වරු 5.30 වන විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 215කි. සමස්ථ ආසාධිතයින් අතුරින් 9 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 550ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 153ක් බවද සඳහන් වේ.

මැයි 06 දින පෙරවරු 10.30ට නිකුත් කළ වසංගත රෝග විද්‍යා අංශයේ දෛනික වාර්තාව අනුව නාවික හමුදා සාමාජිකයින් 342 දෙනෙකුත්, යුධ හමුදා සාමාජිකයින් 10 දෙනෙකුත් එක් ගුවන් හමුදා සාමාජිකයෙකුත් වෛරසය ආසාධිත පිරිස අතර සිටිනවා.

මේ වන සක්‍රීය ආසාධිතයින්ට ප්‍රතිකාර කෙරෙන රෝහල් ලෙස IDH රෝහල, වැලිකන්ද මූලික රෝහල, මුල්ලේරියාව මූලික රෝහල, ඉරණවිල මූලික රෝහල, කාත්තන්කුඩි මූලික රෝහල, හෝමාගම මූලික රෝහල හා නාවික හමුදා රෝහල ද ප්‍රතිකාර කිරීම සඳහා යොදාගෙන තිබෙනවා.

ඒ අනුව මැයි 6 දින පෙරවරු 10.30 වන විට සිටි සක්‍රීය ආසාධිතයින් 547 අතුරින්,

  • IDH රෝහල – 133
  • වැලිකන්ද මූලික රෝහල – 52
  • මුල්ලේරියාව මූලික රෝහල – 91
  • ඉරණවිල මූලික රෝහල – 17
  • කාත්තන්කුඩි මූලික රෝහල – 59
  • නාවික හමුදා රෝහල – 135ක් ද
  • හෝමාගම මූලික රෝහල – 60ක් ද ප්‍රතිකාර ලබමින් සිටිනවා.

මැයි 6 පස්වරු 5.30 විට සුවය ලබා ඇති ආසාදිතයින්ගේ අනුපාතය 27.7%ක් ලෙසත් මරණ අනුපාතය 1.1%ක් ලෙසත් වාර්තා වේ.

එමෙන්ම මැයි 6 පස්වරු 5.30 වන විට ශ්‍රී ලංකාව තුළ සිදුකර ඇති සමස්ථ පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 29,378ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරනවා. එම ප්‍රමාණය ජනගහණය මිලියනයකට සාපේක්ෂව 1372ක අගයක් ගනී.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ දත්ත අනුව දෛනික පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය සහ වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත අනුව හඳුනාගෙන ඇති ආසාධිතයින් ප්‍රමාණය මෙසේය.

  • මැයි 01 – 1,107 හඳුනාගෙන ආසාදිතයින් ගණන – 25
  • මැයි 02 – 1,681 හඳුනාගෙන ආසාදිතයින් ගණන – 15
  • මැයි 03 – 1,636 හඳුනාගෙන ආසාදිතයින් ගණන – 13
  • මැයි 04 – 986 හඳුනාගෙන ආසාදිතයින් ගණන – 37
  • මැයි 05 – 1,491 හඳුනාගෙන ආසාදිතයින් ගණන – 16
Rivira FB Group Rivira Youtube
To Top