,
Covid-19

මැයි 8 ආසාධිතයින් 11ක්, සමස්ථය 835යි, සක්‍රීය ගණන 586යි

අවසන් යාවත්කාලීන කිරීම (මැයි 09 පෙරවරු 8.55ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාධිතයින් සංඛ්‍යාව මැයි 08 සිකුරාදා පස්වරු 11.55 වන විට 835ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඒ අනුව මැයි 8 දිනය තුළ නව ආසාධිතයින් 11ක් වාර්තා වී ඇති අතර 8ක් සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.

ඒ අනුව මැයි 8 පස්වරු 11.55 වන විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 240කි. සමස්ථ ආසාධිතයින් අතුරින් 9 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 586ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 135ක් බවද සඳහන් වේ.

තවත් 8ක් සුවය ලබා රෝහල්වලින් පිටවෙයි, සුවය ලැබූ ගණන 240 දක්වා ඉහළට (මැයි 08 පස්වරු 01.55ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාධිතයින් සංඛ්‍යාව මැයි 08 සිකුරාදා පස්වරු 01.50 වන විට 824ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඒ අනුව මැයි 8 දිනය තුළ මෙතෙක් නව ආසාධිතයින් වාර්තා වී නැති අතර 8ක් සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.

ඒ අනුව මැයි 8 පස්වරු 1.50 වන විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 240කි. සමස්ථ ආසාධිතයින් අතුරින් 9 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 575ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 135ක් බවද සඳහන් වේ.

වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත අනුව මැයි 07 බ්‍රහස්පතින්දා නව ආසාධිතයින් 27 දෙනෙකු හඳුනාගෙන ඇත.

මැයි 08 දින පෙරවරු 10.30ට නිකුත් කළ වසංගත රෝග විද්‍යා අංශයේ දෛනික වාර්තාව අනුව නාවික හමුදා සාමාජිකයින් 393 දෙනෙකුත්, යුධ හමුදා සාමාජිකයින් 10 දෙනෙකුත් එක් ගුවන් හමුදා සාමාජිකයෙකුත් වෛරසය ආසාධිත පිරිස අතර සිටිනවා.

මේ වන සක්‍රීය ආසාධිතයින්ට ප්‍රතිකාර කෙරෙන රෝහල් ලෙස IDH රෝහල, වැලිකන්ද මූලික රෝහල, මුල්ලේරියාව මූලික රෝහල, ඉරණවිල මූලික රෝහල, කාත්තන්කුඩි මූලික රෝහල, හෝමාගම මූලික රෝහල හා නාවික හමුදා රෝහල ද ප්‍රතිකාර කිරීම සඳහා යොදාගෙන තිබෙනවා.

ඒ අනුව මැයි 8 දින පෙරවරු 10.30 වන විට සිටි සක්‍රීය ආසාධිතයින් 575 අතුරින්,

  • IDH රෝහල – 119
  • වැලිකන්ද මූලික රෝහල – 53
  • මුල්ලේරියාව මූලික රෝහල – 85
  • ඉරණවිල මූලික රෝහල – 18
  • කාත්තන්කුඩි මූලික රෝහල – 59
  • නාවික හමුදා රෝහල – 181ක් ද
  • හෝමාගම මූලික රෝහල – 60ක් ද ප්‍රතිකාර ලබමින් සිටිනවා.

මැයි 08 පස්වරු 1.50 විට සුවය ලබා ඇති ආසාධිතයින්ගේ අනුපාතය 29.1%ක් ලෙසත් මරණ අනුපාතය 1%ක් ලෙසත් වාර්තා වේ.

එමෙන්ම මැයි 08 පස්වරු 1.50 වන විට ශ්‍රී ලංකාව තුළ සිදුකර ඇති සමස්ථ පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 32,078ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරනවා. එම ප්‍රමාණය ජනගහණය මිලියනයකට සාපේක්ෂව 1498ක අගයක් ගනී.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ දත්ත අනුව දෛනික පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය සහ වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත අනුව හඳුනාගෙන ඇති ආසාධිතයින් ප්‍රමාණය මෙසේය.

  • මැයි 01 – 1,107 හඳුනාගෙන ආසාදිතයින් ගණන – 25
  • මැයි 02 – 1,681 හඳුනාගෙන ආසාදිතයින් ගණන – 15
  • මැයි 03 – 1,636 හඳුනාගෙන ආසාදිතයින් ගණන – 13
  • මැයි 04 – 986 හඳුනාගෙන ආසාදිතයින් ගණන – 37
  • මැයි 05 – 1,491 හඳුනාගෙන ආසාදිතයින් ගණන – 16
  • මැයි 06 – 1,147 හඳුනාගෙන ආසාදිතයින් ගණන – 29
  • මැයි 07 – 1,553 හඳුනාගෙන ආසාදිතයින් ගණන – 27
Rivira Ads
To Top