කොවිඩ්-19

“මට කළ හැකි හැමදේම මම කළා” අලි සබ්‍රි කනස්සලෙන් තැබූ සටහන

තමා වෙත වට්ස්ඇප් හරහා ලැබුණු දෙමළ වැකියක් ද සහිත ඡායාරූපයක් තම ෆේස්බුක් ගිණුමට එක් කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක, ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්‍රි “ආදාහනය” සම්බන්ධයෙන් අදහසක් පළ කර තිබෙනවා.

කණගාටුදායක ස්වරූපයකින් ඉංග්‍රීසි භාෂාවෙන් පළ කර ඇති අදාළ සටහනේ පරිවර්ථනය පහතින්.

“යමෙක් වට්ස්ඇප් හරහා මෙය මා වෙත එව්වා. මට කියන්න පුළුවන් එකම දේ, මට ඇති බලය අනුව කළ හැකි සියල්ලම මම කළා. එය හොඳින්ම දන්නේ අල්ලාහ් දෙවියන්!”

පළ කර ඇති ඡායාරූපයේ දෙමළ භාෂාවෙන් ඇත්තේ කුමක්ද යන්න සඳහා ඔහු විසින් පළ කර තිබූ ඉංග්‍රීසි පරිවර්තනය සහ අප විසින් සිදුකරන ලද සිංහල පරිවර්ථනය පහතින්.

Lawyer , when every Muslim Covid 19 deceased is cremated against the wish of the family , they also burn the emotions of 2 million Muslims in the country.

“නීතිඥතුමනි, මියගිය සෑම ‍කොවිඩ්-19 අසාධිත මුස්ලිමේ අයෙකුම, පවුලේ අයගේ කැමැත්තට එරෙහිව ආදාහනය කරන විට, ඔවුන් ඒ සමග රටේ මිලියන 2ක් වූ මුස්ලිම් ජනතාවගේ හැඟීම් ද පුළුස්සා දමයි.”

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top