,
Covid-19

“අමාත්‍යංශ සඳහා වාහන මිලදී ගැනීම” හා “ඇමතිවරුන්ට ඉන්ධන දීමනා ලබාදෙන” බවට වන ප්‍රචාරයන් අසත්‍යයි

“අමාත්‍යාංශ සඳහා රුපියල් ලක්ෂ 3000ක් වටිනා වාහන මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇති” බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරී යන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍ය හා ගොතන ලද ප්‍රවෘත්තියක් බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

මැයි 08 දින නිකුත් කළ එම නිවේදනය මගින් වැඩි දුරටත් කියා ඇත්තේ එවැනි කරුණු ඇතුලත් වූ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් හෝ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත්ව නොමැති බවයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ අමාත්‍යවරුන්ට සහ හිටපු රාජ්‍ය අමාත්‍යවරුන්ට අමතර ඉන්ධන දීමනාවක් ලබාදීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇති බවට පැතිරී යන ප්‍රචාරයන්ද සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.

Rivira Ads
To Top