ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් රට තුළ දැඩි කතාබහක් ඇති වූ අතර 2019 ජනාධිපතිවරණ සමයේ ඔහුගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් ද පැවරිණි.
එහෙත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නීතිඥවරුන් අධිකරණයටත්, රටටත් දන්වා සිටියේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට තරඟ කිරීමට පෙර අදාළ කටයුතු සම්පූර්ණ කර ඇති බවයි.
එහෙත් යම් යම් හේතූන් මත එය ඇමරිකානු ෆෙඩරල් ලැයිස්තුවේ පළ වීමට ප්‍රමාද විය හැකි බවද ඔවුන් පෙන්වා දුන්නා. ඒ අනුව මැයි 08 දින ප්‍රසිද්ධියට පත් කළ ඇමරිකානු ෆෙඩරල් ලේඛණයේ පුරවැසිභාවය ඉවත් කර ගත් අය දක්වා ඇති අතර එම ලැයිස්තුවේ නන්දසේන ගෝඨාභය රාජපක්ෂ නාමය ඇතුළත් වී තිබෙනවා.
එලෙස ප්‍රසිද්ධ කළ ලැයිස්තුවට මෙතැනින් පිවිසිය හැකියි.

