කොවිඩ්-19

දිනය තුළ හඳුනාගත් ආසාධිතයින් ගණන 12 දක්වාත්, සුවය ලැබූ ගණන 20 දක්වාත් ඉහළට

අවසන් යාවත්කාලීන කිරීම (මැයි 09 පස්වරු 07.55ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාධිතයින් සංඛ්‍යාව මැයි 09 සෙනසුරාදා පස්වරු 7.30 වන විට 847ක් දක්වා ඉහළ ගොස් බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඒ ආසාධිතයින් 3ක් හඳුනාගැනීමත් සමයි. මැයි 9 දිනය තුළ මෙතෙක් නව ආසාධිතයින් 12 දෙනෙකු වාර්තා වී ඇති අතර 20ක් සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා. ඒ අනුව මැයි 09 පස්වරු 7.45 වන විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 260කි. සක්‍රීය ආසාදිතයින් ගණන 578ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා.

සමස්ථ ආසාධිතයින් 844 දක්වාත්, සක්‍රීය ආසාධිතයින් ගණ 580 දක්වාත් ඉහළට(මැයි 09 පස්වරු 04.55ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාධිතයින් සංඛ්‍යාව මැයි 09 සෙනසුරාදා පස්වරු 4.45 වන විට 844ක් දක්වා ඉහළ ගොස් බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඒ අනුව මැයි 9 දිනය තුළ මෙතෙක් නව ආසාධිතයින් 9 දෙනෙකු වාර්තා වී ඇති අතර 15ක් සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 580ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා.

ආසාධිතයින්ගෙන් සියයට තිහක් සුවයි, ආසාධිත නාවිකයින් ගණන 400 ඉක්මවයි, නවතම වාර්තාව (මැයි 08 පස්වරු 02.15ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාධිතයින් සංඛ්‍යාව මැයි 09 සෙනසුරාදා පස්වරු 2 වන විට 835ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඒ අනුව මැයි 9 දිනය තුළ මෙතෙක් නව ආසාධිතයින් වාර්තා වී නැති අතර 15ක් සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.

ඒ අනුව මැයි 09 පස්වරු 2 වන විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 255කි. සමස්ථ ආසාධිතයින් අතුරින් 9 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 571ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 135ක් බවද සඳහන් වේ.

වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත අනුව මැයි 08 සිකුරාදා නව ආසාධිතයින් 11 දෙනෙකු හඳුනාගෙන ඇත. ඔවුන් සියලු දෙනාම නාවික හමුදා සාමාජිකයින් වේ.

මැයි 09 දින පෙරවරු 10.30ට නිකුත් කළ වසංගත රෝග විද්‍යා අංශයේ දෛනික වාර්තාව අනුව නාවික හමුදා සාමාජිකයින් 404 දෙනෙකුත්, යුධ හමුදා සාමාජිකයින් 10 දෙනෙකුත් එක් ගුවන් හමුදා සාමාජිකයෙකුත් වෛරසය ආසාධිත පිරිස අතර සිටිනවා.

ඒ අනුව මැයි 09 දින පෙරවරු 10.30 වන විට සිටි සක්‍රීය ආසාධිතයින් 571 අතුරින්,

  • IDH රෝහල – 118
  • වැලිකන්ද මූලික රෝහල – 47
  • මුල්ලේරියාව මූලික රෝහල – 85
  • ඉරණවිල මූලික රෝහල – 13
  • කාත්තන්කුඩි මූලික රෝහල – 59
  • නාවික හමුදා රෝහල – 192ක් ද
  • හෝමාගම මූලික රෝහල – 57ක් ද ප්‍රතිකාර ලබමින් සිටිනවා.

මැයි 09 පස්වරු 2 වන විට සුවය ලබා ඇති ආසාධිතයින්ගේ අනුපාතය 30.5%ක් ලෙසත් මරණ අනුපාතය 1%ක් ලෙසත් වාර්තා වේ.

එමෙන්ම මැයි 09 පස්වරු 2 වන විට ශ්‍රී ලංකාව තුළ සිදුකර ඇති සමස්ථ පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 33,899ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරනවා. එම ප්‍රමාණය ජනගහණය මිලියනයකට සාපේක්ෂව 1584ක අගයක් ගනී.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ දත්ත අනුව දෛනික පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය සහ වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත අනුව හඳුනාගෙන ඇති ආසාධිතයින් ප්‍රමාණය මෙසේය.

  • මැයි 01 – 1,107 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 25
  • මැයි 02 – 1,681 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 15
  • මැයි 03 – 1,636 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 13
  • මැයි 04 – 986 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 37
  • මැයි 05 – 1,491 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 16
  • මැයි 06 – 1,147 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 29
  • මැයි 07 – 1,553 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 27
  • මැයි 08 – 1,821 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 11
Rivira FB Group Rivira Youtube
To Top