(රිවිර.LK, 2020 මැයි 10 පස්වරු 01.50ට)
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාධිතයින් සංඛ්‍යාව මැයි 10 ඉරිදා පස්වරු 1.30 වන විට 847ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඒ අනුව මැයි 10 දිනය තුළ මෙතෙක් නව ආසාධිතයින් වාර්තා වී නැති අතර ආසාධිතයින් 61ක් සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.
එය දිනයක් තුළ සුවය ලැබූ වැඩිම ප්‍රමාණයයි. ඒ අතරින් වැඩිම ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ කාත්තන්කුඩි රෝහලෙන් වන අතර එහි ප්‍රතිකාර ලබමින් සිටි 59 දෙනාගෙන් 52 දෙනෙකු සුවය ලබා තිබෙනවා.
වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත අනුව මැයි 09 සෙනසුරාදා නව ආසාධිතයින් 12 දෙනෙකු හඳුනාගෙන ඇති අතර 20 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටවී තිබෙනවා.
ඒ අනුව මැයි 10 පස්වරු 1.30 වන විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 321කි. සමස්ථ ආසාධිතයින් අතුරින් 9 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 517ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 116ක් බවද සඳහන් වේ.
මැයි 10 දින පෙරවරු 10.30ට නිකුත් කළ වසංගත රෝග විද්‍යා අංශයේ දෛනික වාර්තාව අනුව නාවික හමුදා සාමාජිකයින් 416 දෙනෙකුත්, යුධ හමුදා සාමාජිකයින් 10 දෙනෙකුත් එක් ගුවන් හමුදා සාමාජිකයෙකුත් වෛරසය ආසාධිත පිරිස අතර සිටිනවා.
ඒ අනුව මැයි 10 දින පෙරවරු 10.30 වන විට සිටි සක්‍රීය ආසාධිතයින් 517 අතුරින්,
- IDH රෝහල – 115
- වැලිකන්ද මූලික රෝහල – 45
- මුල්ලේරියාව මූලික රෝහල – 85
- ඉරණවිල මූලික රෝහල – 13
- කාත්තන්කුඩි මූලික රෝහල – 07
- නාවික හමුදා රෝහල – 197ක් ද
- හෝමාගම මූලික රෝහල – 54ක් ද ප්‍රතිකාර ලබමින් සිටිනවා.
මැයි 10 පස්වරු 1.30 වන විට සුවය ලබා ඇති ආසාධිතයින්ගේ අනුපාතය 37.8%ක් ලෙසත් මරණ අනුපාතය 1%ක් ලෙසත් වාර්තා වේ.
එමෙන්ම මැයි 10 පස්වරු 1.30 වන විට ශ්‍රී ලංකාව තුළ සිදුකර ඇති සමස්ථ පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 35,323ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරනවා. එම ප්‍රමාණය ජනගහණය මිලියනයකට සාපේක්ෂව 1,650ක අගයක් ගනී.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ දත්ත අනුව දෛනික පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය සහ වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත අනුව හඳුනාගෙන ඇති ආසාධිතයින් ප්‍රමාණය මෙසේය.
- මැයි 01 – 1,107 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 25
- මැයි 02 – 1,681 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 15
- මැයි 03 – 1,636 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 13
- මැයි 04 – 986 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 37
- මැයි 05 – 1,491 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 16
- මැයි 06 – 1,147 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 29
- මැයි 07 – 1,553 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 27
- මැයි 08 – 1,821 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 11
- මැයි 09 – 1,424 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 12

