Covid-19

කළුතර හා පුත්තලම සෙසු දිස්ත්‍රික්ක හා සමාන කෙරේ, කොළඹ, ගම්පහ තවදුරටත් අවදානම් කලාප ලෙස සැළකේ

(රිවිර.LK, 2020 මැයි 10 පස්වරු 10.15ට)

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම්දෙනතුරු දිගටම ක්‍රියාත්මකව පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය සහ ශ්‍රී ලංකා පොලීසිය විසින් නිකුත් කළ නවතම ඇඳිරි නීති නිවේදනයන් හී සඳහන්.

මැයි 10 දින නිකුත් කළ අදාළ නිවේදනවලින් කියා සිටින්නේ කළුතර සහ පුත්තලම ඇතුළු සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය මැයි 11 සඳුදා සිට නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8.00 සිට අළුයම 5.00 දක්වා පමණක් බවයි.

ඒ අනුව අවදානම් කලාප ලෙස දිගටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙමින් පැවත කළුතර හා පුත්තලම දිස්ත්‍රික්ක දෙක මින් ඉදිරියට එවැනි අධි අවදානම් කලාප ලෙස නොසැළකෙන අතර සෙසු දිස්ත්‍රික්ක ආකාරයෙන් සම තත්වයට පත් කර ඇත.

තවදුරටත් අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබිය දී ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්වයට පත් කිරීම, කලින් සැලසුම් කළ පරිදිම මැයි 11 සඳුදා ඇරඹෙන අතර ඒ කලින් නිකුත් කළ නිවේදනවල සඳහන් අදාළ කොන්දේසි නොවෙනස්ව පවතී.

එම නිවේදන පහතින්

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top