කොවිඩ්-19

මැයි 10 ආසාධිතයින් 16ක්

(රිවිර.lk, 2020 මැයි 11 පෙරවරු 06.20ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාධිතයින් සංඛ්‍යාව මැයි 10 ඉරිදා පස්වරු 10 වන විට 856ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඒ තවත් ආසාධිතයින් 7 දෙනෙකු හඳුනාගැනීමත් සමගයි. ඒ අනුව මැයි 10 දිනය තුළ මෙතෙක් නව ආසාධිතයින් 16 දෙනෙක් වාර්තා වී ඇති අතර ආසාධිතයින් 61ක් සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 526ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා.

වාර්තා වූ ආසාධිතයින් 16 දෙනාගේ 13 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වන අතර එක් අයෙකු ඔවුන් ළඟින් ඇසුරු කල පුද්ගලයෙකි. අනෙක් දෙදෙනා ඩුබායි සිට පැමිණි ගුවන් යානයකින් දිවයිනට පැමිණ නිරෝධායනයට ලක් කර සිටි දෙදෙනෙකි. මේ වන විට ඩුබායි සිට පැමිණි තිදෙනෙකුට වෛරසය ආසාධනය වී ඇති බවද වාර්තා වී තිබෙනවා.

තවත් ආසාධිතයින් 9ක්, සක්‍රීය ආසාධිතයින් ගණන 526 දක්වා ඉහළට (මැයි 10 පස්වරු 10.20ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාධිතයින් සංඛ්‍යාව මැයි 10 ඉරිදා පස්වරු 10 වන විට 856ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඒ අනුව මැයි 10 දිනය තුළ මෙතෙක් නව ආසාධිතයින් 9 දෙනෙක් වාර්තා වී ඇති අතර ආසාධිතයින් 61ක් සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.

ඒ අනුව මැයි 10 පස්වරු 10 වන විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 321කි. සමස්ථ ආසාධිතයින් අතුරින් 9 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 526ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 116ක් බවද සඳහන් වේ.

දිනය තුළ පමණක් සමස්ථ ආසාධිතයින්ගේන් සියයට හතක් සුව වෙයි, දෛනික වාර්තාව මෙන්න

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top