කොවිඩ්-19

සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්ධූරයේ වෙනසක්? ධූරයට වෛද්‍යවරයෙක්?

(රිවිර.LK, 2020 මැයි 10 පස්වරු 10.40ට)

සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්ධූරයේ වෙනසක් සිදුවීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. දැනට අදාළ ධූරයේ කටයුතු කරනු ලබන්නේ භද්‍රානි ජයවර්ධන වන අතර ඇය එම ධූරයෙන් ඉල්ලා අස් වී ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.

යුද හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් සහ ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල්, විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ අදාළ ධූරයට පත් කිරීමට නියමිත බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.

Rivira FB Group Rivira Youtube
To Top