කොවිඩ්-19

කාලයකට පසු දිනක් තුළ තනි ඉලක්කමේ ආසාධිතයින් ගණනක් වාර්තා වෙයි

(රිවිර.LK, 2020 මැයි 12 පෙරවරු 06.50ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාධිතයින් සංඛ්‍යාව මැයි 11 සඳුදා පස්වරු 11.55 වන විට 869ක් දක්වා ඉහළගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. මැයි 11 දිනය තුළ නව ආසාධිතයින් 6ක් වාර්තා වී ඇති අතර ආසාධිතයින් 22ක් සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.

ගාල්ල කරාපිටියේ දී පරීක්ෂණ සිදු කෙරුණද අදාළ ආසාධිතයින් 6 දෙනාම වැලිසර නාවික හමුදා කඳවුරේ නිරෝධායනය වෙමින් සිටි නාවික හමුදා සාමාජිකයින් බවද වාර්තා වේ.

ආසාධිතයින්ගෙන් සියයට තිස් නවයක් සුවය ලබයි (මැයි 11 පස්වරු 04.48ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාධිතයින් සංඛ්‍යාව මැයි 11 සඳුදා පස්වරු 4.30 වන විට 863ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. මැයි 11 දිනය තුළ මෙතෙක් නව ආසාධිතයින් වාර්තා වී නැති අතර ආසාධිතයින් 22ක් සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත අනුව මැයි 10 ඉරිදා නව ආසාධිතයින් 16 දෙනෙකු හඳුනාගෙන ඇති අතර 61 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටවී තිබෙනවා.

ඒ අනුව මැයි 11 පස්වරු 4.30 වන විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 343කි. සමස්ථ ආසාධිතයින් අතුරින් 9 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 511ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 114ක් බවද සඳහන් වේ.

මැයි 11 දින පෙරවරු 10.30ට නිකුත් කළ වසංගත රෝග විද්‍යා අංශයේ දෛනික වාර්තාව අනුව නාවික හමුදා සාමාජිකයින් 429 දෙනෙකුත්, යුධ හමුදා සාමාජිකයින් 10 දෙනෙකුත් එක් ගුවන් හමුදා සාමාජිකයෙකුත් වෛරසය ආසාධිත පිරිස අතර සිටිනවා.

ඒ අනුව මැයි 11 දින පෙරවරු 10.30 වන විට සිටි සක්‍රීය ආසාධිතයින් 511 අතුරින්,

  • IDH රෝහල – 115
  • වැලිකන්ද මූලික රෝහල – 38
  • මුල්ලේරියාව මූලික රෝහල – 85
  • ඉරණවිල මූලික රෝහල – 10
  • කාත්තන්කුඩි මූලික රෝහල – 07
  • නාවික හමුදා රෝහල – 203ක් ද
  • හෝමාගම මූලික රෝහල – 53ක් ද ප්‍රතිකාර ලබමින් සිටිනවා.

මැයි 11 පස්වරු 4.30 වන විට සුවය ලබා ඇති ආසාධිතයින්ගේ අනුපාතය 39.7%ක් ලෙසත් මරණ අනුපාතය 1%ක් ලෙසත් වාර්තා වේ.

එමෙන්ම මැයි 11 පස්වරු 4.30 වන විට ශ්‍රී ලංකාව තුළ සිදුකර ඇති සමස්ථ පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 36,605ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරනවා. එම ප්‍රමාණය ජනගහණය මිලියනයකට සාපේක්ෂව 1,710ක අගයක් ගනී.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ දත්ත අනුව දෛනික පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය සහ වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත අනුව හඳුනාගෙන ඇති ආසාධිතයින් ප්‍රමාණය මෙසේය.

  • මැයි 01 – 1,107 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 25
  • මැයි 02 – 1,681 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 15
  • මැයි 03 – 1,636 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 13
  • මැයි 04 – 986 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 37
  • මැයි 05 – 1,491 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 16
  • මැයි 06 – 1,147 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 29
  • මැයි 07 – 1,553 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 27
  • මැයි 08 – 1,821 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 11
  • මැයි 09 – 1,424 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 12
  • මැයි 10 – 1,282 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 16
Rivira FB Group Rivira Youtube
To Top