,
Covid-19

මැයි 12 දින නව ආසාධිතයින් 20ක් වාර්තා වෙද්දි 23ක් සුවය ලබයි

(රිවිර.LK, 2020 මැයි 13 පෙරවරු 09.45ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාධිතයින් සංඛ්‍යාව මැයි 12 අඟහරුවාදා පස්වරු 11.30 වන විට 889ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. මැයි 12 දිනය තුළ මෙතෙක් නව ආසාධිතයින් 20 වාර්තා වී ඇති අතර ආසාධිතයින් 23ක් සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 514ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා.

මැයි 12 දිනය තුළ හඳුනාගත් ආසාධිතයින් 20 දෙනාගෙන් 18 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වන අතර එක් අයෙකු ඔවුන් ළඟින් ඇසුරු කළ පුද්ගලයෙකු වේ. අනෙක් පුද්ගලයා ඩුබායි සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි අයෙකි.

ශ්‍රී ලංකාවේ මිලියනයකට සිටින ආසාධිතයින් ගණන 40 ඉක්මවයි (මැයි 12 පස්වරු 08.05ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාධිතයින් සංඛ්‍යාව මැයි 12 අඟහරුවාදා පස්වරු 7.30 වන විට 879ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. මැයි 12 දිනය තුළ මෙතෙක් නව ආසාධිතයින් 10 වාර්තා වී ඇති අතර ආසාධිතයින් 23ක් සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.

මේ වන විට ශ්‍රී ලංකාවේ මිලියනයකට වාර්තා වූ ආසාධිතයින් ගණන 41ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය දකුණු ආසියාවේ කොරෝනා ආසාධිතයින් 500කට වැඩි පිරිසක් සිටින රටවල් අතරින් අඩුම අනුපාතයයි. ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස ව්‍යාප්තිය සාර්ථකව මර්දනය කර ඇති බව ඉන්දීය පර්යේෂක කණ්ඩායමක් විසින් නිකුත් කළ වාර්තාවකින් පෙන්වා දෙයි.

මැයි 12 දින වාර්තා වූ ආසාධිතයින් 10 දෙනාගෙන් 9 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වන අතර අනෙක් පුද්ගලයා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් වෙමින් සිටි අයෙකි.

පසුගිය අප්‍රේල් 21 දිනයෙන් පසු තනි ඉලක්කමේ අඩුම ආසාධිතයින් ප්‍රමාණයක් වාර්තා වූයේ මැයි 11 දිනයි. මැයි 11 දින අලුතින් හඳුනාගෙන ඇත්තේ ආසාධිතයින් 6ක් පමණි.

ඒ අනුව මැයි 12 පස්වරු 7.30 වන විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 366කි. සමස්ථ ආසාධිතයින් අතුරින් 9 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 506ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 117ක් බවද සඳහන් වේ.

මැයි 12 දින පස්වරු 07.30 වන විට නාවික හමුදා සාමාජිකයින් 444 දෙනෙකුත්, යුධ හමුදා සාමාජිකයින් 10 දෙනෙකුත් එක් ගුවන් හමුදා සාමාජිකයෙකුත් වෛරසය ආසාධිත පිරිස අතර සිටිනවා.

ඒ අනුව මැයි 12 දින පෙරවරු 10.30 වන විට සිටි සක්‍රීය ආසාධිතයින් 494 අතුරින්,

  • IDH රෝහල – 112
  • වැලිකන්ද මූලික රෝහල – 36
  • මුල්ලේරියාව මූලික රෝහල – 83
  • ඉරණවිල මූලික රෝහල – 08
  • කාත්තන්කුඩි මූලික රෝහල – 07
  • නාවික හමුදා රෝහල – 197ක් ද
  • හෝමාගම මූලික රෝහල – 51ක් ද ප්‍රතිකාර ලබමින් සිටිනවා.

මැයි 12 පස්වරු 7.30 වන විට සුවය ලබා ඇති ආසාධිතයින්ගේ අනුපාතය 41.6%ක් ලෙසත් මරණ අනුපාතය 1%ක් ලෙසත් වාර්තා වේ.

එමෙන්ම මැයි 12 පස්වරු 7.30 වන විට ශ්‍රී ලංකාව තුළ සිදුකර ඇති සමස්ථ පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 37,662ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරනවා. එම ප්‍රමාණය ජනගහණය මිලියනයකට සාපේක්ෂව 1,759ක අගයක් ගනී.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ දත්ත අනුව දෛනික පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය සහ වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත අනුව හඳුනාගෙන ඇති ආසාධිතයින් ප්‍රමාණය මෙසේය.

  • මැයි 01 – 1,107 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 25
  • මැයි 02 – 1,681 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 15
  • මැයි 03 – 1,636 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 13
  • මැයි 04 – 986 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 37
  • මැයි 05 – 1,491 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 16
  • මැයි 06 – 1,147 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 29
  • මැයි 07 – 1,553 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 27
  • මැයි 08 – 1,821 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 11
  • මැයි 09 – 1,424 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 12
  • මැයි 10 – 1,282 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 16
  • මැයි 11 – 1,057 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 06
Rivira Ads
To Top