(රිවිර.LK, 2020 මැයි 13 පස්වරු 04.30ට)
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාධිතයින් සංඛ්‍යාව මැයි 13 බදාදා පස්වරු 04.00 වන විට 891ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. මැයි 13 දිනය තුළ මෙතෙක් නව ආසාධිතයින් 02ක් වාර්තා වී ඇති අතර ආසාධිතයින් 16ක් සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස ව්‍යාප්තිය සාර්ථකව මර්දනය කර ඇති බව ඉන්දීය පර්යේෂක කණ්ඩායමක් විසින් කොටස් 3ක් යටතේ නිකුත් කිරීමට නියමිත වාර්තා වල පළමු වාර්තා 2න්ම පෙන්වා දෙයි. එම වාර්තා පහතින්.
- පළමු කොටස – කලාපය තුල කොරෝනා මර්දනයේ දී ශ්‍රී ලංකාව සාර්ථකයි, ඉන්දියාව අසාර්ථකයි, ඉන්දියානු පර්යේෂණාත්මක විග්‍රහය (පළමු කොටස)
- දෙවන කොටස – කොරෝනා මර්දනයේ දී දකුණු ආසියාතික රජයන් ගත් ක්‍රියාමාර්ග පිළිබඳ විග්‍රහය, ශ්‍රී ලංකාව නැවතත් සාර්ථකයි, (දෙවන කොටස)
මේ වන විට මැයි 01 දිනයෙන් පසු විදේශයන් හී සිට මෙරටට ගෙන්වා නිරෝධායනයට ලක් කර සිටින සිසුන් ඇතුළු පිරිසෙන් 4 දෙනෙකු ආසාධිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා. ඉන් බහුතරයක් ඩුබායි සිට පැමිණි පිරිසට අයත් බවද සඳහන්. ඒ අනුව විදේශයන් හී සිට පැමිණ නිරෝධායනයට ලක් කර සිටිය දී හඳුනාගත් මුළු ආසාධිතයින් ගණන 45 දක්වා ඉහළ ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.
ඒ අනුව මැයි 13 පස්වරු 4 වන විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 382කි. සමස්ථ ආසාධිතයින් අතුරින් 9 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 500ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 105ක් බවද සඳහන් වේ.
මැයි 13 දින පස්වරු 4 වන විට නාවික හමුදා සාමාජිකයින් 454 දෙනෙකුත්, යුධ හමුදා සාමාජිකයින් 10 දෙනෙකුත් එක් ගුවන් හමුදා සාමාජිකයෙකුත් වෛරසය ආසාධිත පිරිස අතර සිටිනවා.
ඒ අනුව මැයි 13 දින පෙරවරු 10.30 වන විට සිටි සක්‍රීය ආසාධිතයින් 498 අතුරින්,
- IDH රෝහල – 111
- වැලිකන්ද මූලික රෝහල – 37
- මුල්ලේරියාව මූලික රෝහල – 81
- ඉරණවිල මූලික රෝහල – 08
- කාත්තන්කුඩි මූලික රෝහල – 01
- නාවික හමුදා රෝහල – 216ක් ද
- හෝමාගම මූලික රෝහල – 44ක් ද ප්‍රතිකාර ලබමින් සිටිනවා.
මැයි 13 පස්වරු 4 වන විට සුවය ලබා ඇති ආසාධිතයින්ගේ අනුපාතය 42.8%ක් ලෙසත් මරණ අනුපාතය 1%ක් ලෙසත් වාර්තා වේ.
එමෙන්ම මැයි 13 පස්වරු 4 වන විට ශ්‍රී ලංකාව තුළ සිදුකර ඇති සමස්ථ පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 38,740ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරනවා. එම ප්‍රමාණය ජනගහණය මිලියනයකට සාපේක්ෂව 1,810ක අගයක් ගනී.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ දත්ත අනුව දෛනික පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය සහ වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත අනුව හඳුනාගෙන ඇති ආසාධිතයින් ප්‍රමාණය මෙසේය.
- මැයි 01 – 1,107 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 25
- මැයි 02 – 1,681 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 15
- මැයි 03 – 1,636 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 13
- මැයි 04 – 986 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 37
- මැයි 05 – 1,491 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 16
- මැයි 06 – 1,147 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 29
- මැයි 07 – 1,553 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 27
- මැයි 08 – 1,821 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 11
- මැයි 09 – 1,424 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 12
- මැයි 10 – 1,282 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 16
- මැයි 11 – 1,057 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 06
- මැයි 12 – 1,078 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 20
