(රිවිර.LK, 2020 මැයි 13 පස්වරු 08.09ට)
එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තුව මන්ත්‍රී, හිටපු අමාත්‍ය, වෛද්‍ය රාජිත සේනාරත්න, මැයි 13 පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ භාර වී තිබෙනවා. එහි දී ඔහුව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා උපුටා දක්වමින් නිවුස් ෆස්ට් වාර්තා කර තිබෙනවා.
මහාධීකරණය විසින් මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් ඇප නියෝගය අහෝසි කිරීමෙන් පසුව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න යළි අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මැයි 13 පස්වරුවේ නියෝග කර තිබුණි.
මහාධීකරණ තීන්දුව සම්බන්ධ පුවත මෙතැනින්

