(රිවිර.LK, 2020 මැයි 14 පෙරවරු 10.25ට)
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාධිතයින් සංඛ්‍යාව මැයි 14 බදාදා පස්වරු 11.45 වන විට 915ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඒ තවත් ආසාධිතයින් 22ක් වාර්තා වීමත් සමගයි. මැයි 13 දිනය තුළ නව ආසාධිතයින් 26ක් වාර්තා වී ඇති අතර ආසාධිතයින් 16ක් සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.
එලෙස හඳුනාගත් ආසාධිතයින් 26 දෙනාම නාවික හමුදා සාමාජිකයින් බවද සඳහන් වේ.
ඒ අනුව මැයි 14 පස්වරු 7.30 වන විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 382කි. සමස්ථ ආසාධිතයින් අතුරින් 9 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 524ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 105ක් බවද සඳහන් වේ.
දෛනික වාර්තාව පහළින්

