Covid-19

මාලදිවයිනේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයෝ 288ක් රැගෙන එයි

(රිවිර.LK, 2020 මැයි 14 පෙරවරු 11.58ට)

කොවිඩ්-19 වසංගත තත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මාලදිවයින තුළ සිර වී සිටින ශ්‍රී ලාංකිකයන් 288 දෙනෙකු යළි මෙරටට රැගෙන ඒම සදහා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මැයි 14 දින මාලේ ගුවන්තොටුපළ බලා පිටත්ව ගොස් තිබුණා.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 101 දරණ එම ගුවන් යානය මැයි 14 පෙරවරු 7.30ට කටුනායක ගුවන් තොටුපළෙන් මාලේ ගුවන් තොටුපළ බලා පිටත්ව ගිය බවත් එය මේ වන විට යළි පැමිණෙමින් ඇති බවත් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තහවුරු කළා.

අදාළ පිරිස යුධ හමුදාව භාරයේ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට ද සියලු කටයුතු යොදා ඇති බව ඔවුන් සඳහන් කළා.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top