කොවිඩ්-19

තවත් ආසාධිතයින් 63කට සුවය ලැබීමත් සමග ආසාධිතයින්ගෙන් අඩක් පමණ සුව වෙයි – දෛනික වාර්තාව

(රිවිර.LK, 2020 මැයි 14 පස්වරු 01.21ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාධිතයින් සංඛ්‍යාව මැයි 14 බ්‍රහස්පතින්දා පස්වරු 01.00 වන විට 915ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. මැයි 14 දිනය තුළ මෙතෙක් නව ආසාධිතයින් වාර්තා වී නැති අතර ආසාධිතයින් 63ක් සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.

ඒ අනුව මැයි 14 පස්වරු 1 වන විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 445කි. සමස්ථ ආසාධිතයින් අතුරින් 9 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 461ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 108ක් බවද සඳහන් වේ.

මැයි 14 දින පස්වරු 1 වන විට නාවික හමුදා සාමාජිකයින් 480 දෙනෙකුත්, යුධ හමුදා සාමාජිකයින් 10 දෙනෙකුත් එක් ගුවන් හමුදා සාමාජිකයෙකුත් වෛරසය ආසාධිත පිරිස අතර සිටිනවා.

ඒ අනුව මැයි 14 දින පෙරවරු 10.30 වන විට සිටි සක්‍රීය ආසාධිතයින් 461 අතුරින්,

  • IDH රෝහල – 111
  • වැලිකන්ද මූලික රෝහල – 32
  • මුල්ලේරියාව මූලික රෝහල – 78
  • ඉරණවිල මූලික රෝහල – 06
  • කාත්තන්කුඩි මූලික රෝහල – 01
  • නාවික හමුදා රෝහල – 193ක් ද
  • හෝමාගම මූලික රෝහල – 39ක් ද ප්‍රතිකාර ලබමින් සිටිනවා.

මැයි 14 පස්වරු 1වන විට සුවය ලබා ඇති ආසාධිතයින්ගේ අනුපාතය 48.6%ක් ලෙසත් මරණ අනුපාතය 0.9%ක් ලෙසත් වාර්තා වේ. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ නැවත වරක් මරණ අනුපාතය 1% සීමාවට වඩා අඩු වී තිබෙනවා.

එමෙන්ම මැයි 14 පස්වරු 1 වන විට ශ්‍රී ලංකාව තුළ සිදුකර ඇති සමස්ථ පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 39,629ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරනවා. එම ප්‍රමාණය ජනගහණය මිලියනයකට සාපේක්ෂව 1,851ක අගයක් ගනී.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ දත්ත අනුව දෛනික පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය සහ වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත අනුව හඳුනාගෙන ඇති ආසාධිතයින් ප්‍රමාණය මෙසේය.

  • මැයි 01 – 1,107 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 25
  • මැයි 02 – 1,681 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 15
  • මැයි 03 – 1,636 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 13
  • මැයි 04 – 986 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 37
  • මැයි 05 – 1,491 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 16
  • මැයි 06 – 1,147 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 29
  • මැයි 07 – 1,553 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 27
  • මැයි 08 – 1,821 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 11
  • මැයි 09 – 1,424 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 12
  • මැයි 10 – 1,282 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 16
  • මැයි 11 – 1,057 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 06
  • මැයි 12 – 1,078 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 20
  • මැයි 13 – 889 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 26

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස ව්‍යාප්තිය සාර්ථකව මර්දනය කර ඇති බව ඉන්දීය පර්යේෂක කණ්ඩායමක් විසින් කොටස් 3ක් යටතේ නිකුත් කිරීමට නියමිත වාර්තා වල පළමු වාර්තා 2න්ම පෙන්වා දෙයි. එම වාර්තා පහතින්.

Rivira FB Group Rivira Youtube
To Top