2020 General Election

ජුනි 20 මැතිවරණයට එරෙහි පෙත්සම් විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

(rivira.lk, 2020 මැයි 14 පස්වරු 03.35ට)

ජුනි 20 පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සියල්ල සළකා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධීකරණයෙන් මැයි 18 සහ 19 දෙදින සිදු කිරීමට දින ලබා දී තිබුණා.

මැයි 11 දින පෙත්සම් සළකා බැලූ අවස්ථාවේ දී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් ඉල්ලා සිටියේ පෙත්සම් විභාගයට පූර්ණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙසයි.

නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ද කියා සිටියේ එම තීරණය අගවිනිසුරුවරයා සතු බවයි.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධීකරණය, අදාළ පෙත්සම් විභාගය පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවීමට මැයි 14 දින තීරණය කර තිබෙනවා.

ඒ අනුව අග්‍රවිනිශ්චයකාර ජයන්ත ජයසූරිය, විනිසුරු සිසිර ද ආබෘ, විනිසුරු බුවනෙක අලුවිහාරේ, විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන හා විනිසුරු විජිත් මලල්ගොඩ එම පංච පුද්ගල විනිසුරු මඩුල්ල වෙනුවෙන් කටයුතු කර ඇත.

Rivira FB Group Rivira Youtube
To Top