(RIVIRA.LK, 2020 මැයි 14 පස්වරු 07.16ට)
කොවිඩ්-19 වෛරසය ආසාධිත වීමෙන් මිය යන තැනැත්තන්ගේ හා එවැනි සැකයක් ඇති තැනැත්තන්ගේ මෘත දේහයන් ආදාහනය කළ යුතු බවට අංක 2170/8 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයක් රජය මගින් නිකුත් කරනු ලැබුවා.
ආදාහනය කිරීම තම ආගමික චාරිත්‍රවලට පටහැනි බවත් එය තම ආගමට අනුව නොකළ යුතු දෙයක් බවත් මුස්ලිම් ජාතික දේශපාලනඥයින්, වෘත්තිකයින් හා සංවිධාන යම් විරෝධයක් පළ කළා.
- ආදාහනය රීතීන්ට පටහැනියි – හියුමන් රයිට්ස් වොච්
- “භූමදානයට අවසර නොදීම වෙනස්කම් කිරීමක්” – බදුර්දීන් ජනපතිට කියයි
- “මට කළ හැකි හැමදේම මම කළා” – අලි සබ්
මේ අතර කොරෝනා මරණ ආදාහනය මගින් කතෝලිකයෙකු වන තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බව පවසමින් ආදාහනයට එරෙහිව පළමු මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කළේ එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක ඕෂල හේරත් හා චිරන්ත අමරසිංහ දෙදෙනා විසින්.
මේ අතර එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ගේ නායකත්වයෙන් යුත් සමස්ථ ලංකා මහජන කොංග්‍රසය ද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙන බව මැයි 14 නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ රෙගුලාසි වලට පටහැනිව කොරෝනා වෛරසය ආසාදිතව මියයන පුද්ගලයන් ආදාහනය කිරීමේ ගැසට් පත්‍රය සංශෝධනය කර එයට ආදාහනය සහ භුමිදානය කිරීමට අවශ්‍යය රෙගුලාසි ඇතුළත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති අදාළ පෙත්සමේ පෙත්සම්කරුවන් ලෙස හිටපු අමාත්‍යවරු එම පක්ෂයේ නායක හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්, පක්ෂයේ සභාපති හිටපු රාජ්‍ය අමාත්‍ය අමීර් අලි, පක්ෂයේ ජාතික සංවිධායක හිටපු නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල්ලා මහරූෆ්, හිටපු නියෝජ්‍ය අමාත්‍ය පක්ෂයේ භාණ්ඩාගාරික හුසෙයින් බයිලා යන අය කටයුතු කරනවා.
අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් අනිල් ජාසිංහ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා නම් කර තිබෙනවා.
අදාළ පෙත්සම මගින් ඔවුන් කියා සිටින්නේ ලෝකයේ රටවල් 182ක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ රෙගුලාසිවලට අනුව ආදාහනය සහ භූමිදානය යන අවමංගල චාරිත්‍ර දෙවිදිහටම ඉඩ සලසා ඇති බවයි. එහෙත් ශ්‍රී ලංකාවේ පමණක් ආදාහනය කිරීම ගැසට් පත්‍රයක් මගින් නීතිගත කර ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.
ලෝක ඉතිහාසයේ කිසිම දිනක කිසිදු රටක්, කොරෝනා වෛරසය හේතුවෙන් මියයන මුස්ලිම්වරුන්ගේ දේහයන් ආදාහනය කර නොමැති බවත්, එය ඉස්ලාම් ආගමට පටහැණි ක්‍රියාවක් බවත් පෙත්සම්කරුවන් කියා සිටිනවා.
එසේම මුස්ලිම් ජනතාවගේ ආගමික චාරිත්‍ර වලට ගරු කරමින් ඔවුන්ට අයිති, අවසන් ගෞරවය ලබාදීම සදහා මුස්ලිම්වරුන්ගේ අවමංගල්‍යවලට අදාළව භූමිදානය කිරීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස අදාළ පෙත්සම මගින් ඔවුන් ඉල්ලා සිටිනවා.
ඉස්ලාම් ධර්මය අනුව පුද්ගලයෙකු මියගිය විට භූමිදානය කිරීම, ප්‍රධාන චාරිත්‍ර හතරෙන් එකක් බව පවසන පෙත්සම්කරුවන් ඊට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අයැද සිටී.

