(RIVIRA.LK, 2020 මැයි 15 පෙරවරු 08.53ට)
කොවිඩ්-19 වෛරස් ආසාධිතයින් හඳුනා ගැනිමත් සමඟ හුදෙකලා කර තිබූ කොළඹ 12, බණ්ඩාරනායක මාවත සහ ජා ඇළ, සුදුවැල්ල යන ප්‍රදේශ යළි විවෘත කර ඇති බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මැයි 15 උදෑසන සඳහන් කළා.
ඒ අනුව වෛරස ව්‍යාප්තිය හේතුවෙන් හුදකලා කොට තීබූ සියලු ගම්මාන/ප්‍රදේශ මේ වන වන විට යළි විවෘත කර ඇති බව යුද හමුදාපතිවරයා තහවුරු කළා.
එහෙත් කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්වලට පනවා ඇති ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මකයි.
