(රිවිර.LK, 2020 මැයි 15 පස්වරු 02.29ට)
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාධිතයින් සංඛ්‍යාව මැයි 15 සිකුරාදා පස්වරු 02.00 වන විට 925ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. මැයි 15 දිනය තුළ මෙතෙක් නව ආසාධිතයින් වාර්තා වී නැති අතර ආසාධිතයින් 32ක් සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.
ඒ අනුව, මැයි 15 පස්වරු 2 වන විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 477කි. සමස්ථ ආසාධිතයින් අතුරින් 9 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 439ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 112ක් බවද සඳහන් වේ.
මැයි 15 දින පස්වරු 2 වන විට නාවික හමුදා සාමාජිකයින් 489 දෙනෙකුත්, යුධ හමුදා සාමාජිකයින් 10 දෙනෙකුත් එක් ගුවන් හමුදා සාමාජිකයෙකුත් වෛරසය ආසාධිත සමස්ථ පිරිස අතර සිටිනවා.
ඒ අනුව මැයි 15 දින පෙරවරු 10.30 වන විට සිටි සක්‍රීය ආසාධිතයින් 439 අතුරින්,
- IDH රෝහල – 109
- වැලිකන්ද මූලික රෝහල – 32
- මුල්ලේරියාව මූලික රෝහල – 78
- ඉරණවිල මූලික රෝහල – 06
- කාත්තන්කුඩි මූලික රෝහල – 01
- නාවික හමුදා රෝහල – 182ක් ද
- හෝමාගම මූලික රෝහල – 29ක් ද ප්‍රතිකාර ලබමින් සිටිනවා.
මැයි 15 පස්වරු 2වන විට සුවය ලබා ඇති ආසාධිතයින්ගේ අනුපාතය 51.5%ක් ලෙසත් මරණ අනුපාතය 0.9%ක් ලෙසත් වාර්තා වේ. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ පළමු වරට සුවය ලැබූ ප්‍රමාණය සමස්ථ ආසාධිතයින්ගෙන් 50% ඉක්මවා ඇති අතර සක්‍රීය ආසාධිතයින් පිරිස 47.4%ක් දක්වා අඩු වී තිබෙනවා.
එමෙන්ම මැයි 15 පස්වරු 2 වන විට ශ්‍රී ලංකාව තුළ සිදුකර ඇති සමස්ථ පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 41,118ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරනවා. එම ප්‍රමාණය ජනගහණය මිලියනයකට සාපේක්ෂව 1,921ක අගයක් ගනී.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ දත්ත අනුව දෛනික පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය සහ වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත අනුව හඳුනාගෙන ඇති ආසාධිතයින් ප්‍රමාණය මෙසේය.
- මැයි 01 – 1,107 – හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 25
- මැයි 02 – 1,681 – හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 15
- මැයි 03 – 1,636 – හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 13
- මැයි 04 – 986 – හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 37
- මැයි 05 – 1,491 – හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 16
- මැයි 06 – 1,147 – හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 29
- මැයි 07 – 1,553 – හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 27
- මැයි 08 – 1,821 – හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 11
- මැයි 09 – 1,424 – හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 12
- මැයි 10 – 1,282 – හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 16
- මැයි 11 – 1,057 – හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 06
- මැයි 12 – 1,078 – හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 20
- මැයි 13 – 889 – හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 26
- මැයි 14 – 1,489 – හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 10
ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස ව්‍යාප්තිය සාර්ථකව මර්දනය කර ඇති බව ඉන්දීය පර්යේෂක කණ්ඩායමක් විසින් කොටස් 3ක් යටතේ නිකුත් කිරීමට නියමිත වාර්තා වල පළමු වාර්තා 2න්ම පෙන්වා දෙයි. එම වාර්තා පහතින්.
- පළමු කොටස – කලාපය තුල කොරෝනා මර්දනයේ දී ශ්‍රී ලංකාව සාර්ථකයි, ඉන්දියාව අසාර්ථකයි, ඉන්දියානු පර්යේෂණාත්මක විග්‍රහය (පළමු කොටස)
- දෙවන කොටස – කොරෝනා මර්දනයේ දී දකුණු ආසියාතික රජයන් ගත් ක්‍රියාමාර්ග පිළිබඳ විග්‍රහය, ශ්‍රී ලංකාව නැවතත් සාර්ථකයි, (දෙවන කොටස)
