කොවිඩ්-19

සමස්ථ ආසාධිතයින් ගණන 935ක් දක්වා ඉහළට

(RIVIRA.LK, 2020 මැයි 16 පෙරවරු 09.12ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාධිතයින් සංඛ්‍යාව මැයි 15 සිකුරාදා පස්වරු 11.30 වන විට 935ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඒ අනුව මැයි 14 දිනය තුළ නව ආසාධිතයින් 10ක් වාර්තා වී ඇති අතර ආසාධිතයින් 32ක් සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.

අදාළ ආසාධිතයින් 10 දෙනාගෙන් 9 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වන අතර අනෙක් පුද්ගලයා නාවික හමුදා සාමාජිකයෙකු ළඟන් ඇසුරු කළ අයෙකු බව යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

ඒ අනුව මැයි 16 පෙරවරු 9 වන විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 477කි. සමස්ථ ආසාධිතයින් අතුරින් 9 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 449ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 112ක් බවද සඳහන් වේ.

Rivira FB Group Rivira Youtube
To Top