(RIVIRA.LK, 2020 මැයි 16 පෙරවරු 09.27ට)
කොවිඩ්-19 වසංගත රෝග තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ජපානය තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 235 දෙනෙකු මැයි 16 අලුයම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානයක් මඟින් මෙරටට පැමිණියා.
අදාළ පිරිස මැයි 16 අලුයම 3.40ට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූඑල් 455 දරන ගුවන් යානයෙන් ජපානයේ නරීටා ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.
නියමිත පරිදි විෂබීජහරණයට ලක් කිරීම, රෝග ලක්ෂණ හඳුනාගැනීම සහ උෂ්ණත්වය මැනීම ගුවන් හමුදාව, ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ නිලධාරීන් සහ ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් එක්ව සිදු කර තිබෙනවා.
අනතුරුව ඔවුන් සියලු දෙනා, ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සූදානම් කර තිබූ විශේෂ බස් රථ මඟින්, ශ්‍රී ලංකා යුධ හමුදාවේ අධීක්ෂණය යටතේ නීරෝධායන කටයුතු සිදුකිරීම සඳහා රැගෙන ගොස් තිබෙනවා.

