(රිවිර.LK, 2020 මැයි 16 පස්වරු 05.26ට)
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාධිතයින් සංඛ්‍යාව මැයි 16 සෙනසුරාදා පස්වරු 11.30 වන විට 957ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. මැයි 16 දිනය තුළ නව ආසාධිතයින් 22 වාර්තා වූ අතර ආසාධිතයින් 43ක් සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.
ඒ අනුව, මැයි 16 පස්වරු 11.30 වන විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 520කි. සමස්ථ ආසාධිතයින් අතුරින් 9 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 428ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 106ක් බවද සඳහන් වේ.

