(රිවිර.LK, 2020 මැයි 17 පස්වරු 01.55ට)
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාධිතයින් සංඛ්‍යාව මැයි 17 ඉරිදා පස්වරු 01.30 වන විට 960ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. මැයි 17 දිනය තුළ මෙතෙක් නව ආසාධිතයින් වාර්තා වී නැති අතර ආසාධිතයින් 18ක් සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.
ඒ අනුව, මැයි 17 පස්වරු 1.30 වන විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 538කි. සමස්ථ ආසාධිතයින් අතුරින් 9 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 413ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 209ක් බවද සඳහන් වේ.
මැයි 17 දින පස්වරු 1.30 වන විට නාවික හමුදා සාමාජිකයින් 521 දෙනෙකු සිටින අතර, යුධ හා ගුවන් හමුදා සාමාජිකයින් 12 දෙනෙකුත් වෛරසය ආසාධිත සමස්ථ පිරිස අතර සිටිනවා.
ඒ අනුව මැයි 17 දින පෙරවරු 10 වන විට සිටි සක්‍රීය ආසාධිතයින් 413 අතුරින්,
- IDH රෝහල – 102
- වැලිකන්ද මූලික රෝහල – 31
- මුල්ලේරියාව මූලික රෝහල – 60
- ඉරණවිල මූලික රෝහල – 05
- කාත්තන්කුඩි මූලික රෝහල – 01
- නාවික හමුදා රෝහල – 192ක් ද
- හෝමාගම මූලික රෝහල – 21ක් ද ප්‍රතිකාර ලබමින් සිටිනවා.
මැයි 16 පස්වරු 1.30 වන විට සුවය ලබා ඇති ආසාධිතයින්ගේ අනුපාතය 56%ක් ලෙසත් මරණ අනුපාතය 0.9%ක් ලෙසත් වාර්තා වේ.
එමෙන්ම මැයි 17 පස්වරු 1.30 වන විට ශ්‍රී ලංකාව තුළ සිදුකර ඇති සමස්ථ පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 43,137ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරනවා. එම ප්‍රමාණය ජනගහණය මිලියනයකට සාපේක්ෂව 2,015ක අගයක් ගනී.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ දත්ත අනුව දෛනික පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය සහ වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත අනුව හඳුනාගෙන ඇති ආසාධිතයින් ප්‍රමාණය මෙසේය.
- මැයි 01 – 1,107 – හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 25
- මැයි 02 – 1,681 – හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 15
- මැයි 03 – 1,636 – හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 13
- මැයි 04 – 986 – හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 37
- මැයි 05 – 1,491 – හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 16
- මැයි 06 – 1,147 – හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 29
- මැයි 07 – 1,553 – හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 27
- මැයි 08 – 1,821 – හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 11
- මැයි 09 – 1,424 – හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 12
- මැයි 10 – 1,282 – හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 16
- මැයි 11 – 1,057 – හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 06
- මැයි 12 – 1,078 – හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 20
- මැයි 13 – 889 – හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 26
- මැයි 14 – 1,489 – හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 10
- මැයි 15 – 938 – හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 10
- මැයි 16 – 1,081 – හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 25

