කොවිඩ්-19

මැයි 17 වන විට කොරෝනා වෛරසය පිළිබඳ ලෝක තත්වය

(රිවිර.LK, 2020 මැයි 17 පස්වරු 05.00ට)

කොවිඩ්-19 ලෝක වසංගත තත්වය හේතුවෙන් මැයි 17 පස්වරු 4 වන විට ලොව පුරා රටවල් සහ ස්වයං පාලන ප්‍රදේශ 216ක ආසාදිතයින් 4,737,926ක් හෙවත් මිලියන 4.7කට අධික පිරිසක් වාර්තා වන අතර ඉන් 313,636 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සුවය ලබා ඇති ප්‍රමාණය 1,823,320කි.

මේ වන විට ලෝකය පුරා කොවිඩ්-19 හේතුවෙන් සිදුවූ

  • මරණ අනුපාතය – 6.6%
  • සුව වූ පිරිසේ අනුපාතය – 38.4%

මේ වන විට සමස්ථ ආසාදිතයින් ප්‍රමාණය අතින් රටවල් 6ක ආසාදිතයින් ප්‍රමාණය 200,000 ඉක්මවා ගොස් ඇති අතර පිළිවෙලින් ඇමරිකාව, රුසියාව, ස්පාඤ්ඤය, එක්සත් රාජධානිය, බ්‍රසීලය හා ඉතාලිය යන රටවල් ඒ අතර සිටී.

එමෙන්ම ඉහත රටවල් හැරුණුකොට ආසාදිතයින් 100,000 ඉක්මවා ගිය රටවල් 4ක් ඇති අතර පිළිවෙලින් ප්‍රංශය, ජර්මනිය, තුර්කිය හා ඉරානය සිටී.

එමෙන්ම රටවල් 6ක මරණ 10,000 සීමාව ඉක්මවා තිබෙනවා. ඒ අතර පිලිවෙළින් ඇමරිකාව, එක්සත් රාජධානිය, ඉතාලිය, ස්පාඤ්ඤය, ප්‍රංශය හා බ්‍රසීලය සිටිනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් කලාප වශයෙන් ආසාදිතයින් හඳුනාගෙන ඇත්තේ මෙසේය. ඒ අනුව වැඩිම ආසාදිතයින් පිරිසක් හමුවී ඇත්තේ ඇමරිකානු කලාපයෙන් වන අතර අඩුම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ අප්‍රිකානු කලාපයෙනි.

ඇමරිකාවේ තත්වය

වෛරසයෙන් මේ වන විටත් වැඩිම හානියක් සිදුව ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයටයි. එහි ආසාදිතයින් ප්‍රමාණය 1,507,798ක් වන අතර එය තවමත් ලොව පුරා වාර්තා වී ඇති ආසාදිතයින්ගෙන් තුනෙන් එකකට (1/3) ආසන්න ප්‍රමාණයක පවතී. ඉන් 90,113 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව සිටිනවා. වෛරසය හේතුවෙන් රටක් තුළ වැඩිම මරණ වී ඇත්තේ ඇමරිකාව තුළයි. ඇමරිකාවේ මෙතෙක් සුවය ලබා ඇත්තේ 339,232ක් පමණයි. සක්‍රීය ආසාදිතයින් 1,078,453ක් හෙවත් මිලියනයකට වැඩි පිරිසක් සිටී. එරට ජනගහණය මිලියනයකට වාර්තා වන ආසාධිතයින් ගණන 4,559ක් වන අතර මිලියනයකට වාර්තා වන මරණ ගණන 272කි. රට තුළ සිදුකර ඇති කොරෝනා පරීක්ෂණ ප්‍රමාණය ජනගහණය මිලියනයකට සාපේක්ෂව 36,136ක් පමණ වේ.

රුසියාවේ තත්වය

කෙටි කාලයක් තුළ ලොව දෙවන වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන රට බවට පත්ව ඇත්තේ රුසියාවයි. මේ වන විට සමස්ථ ආසාදිතයින් ප්‍රමාණය 281,752ක් ලෙස වාර්තා වී ඇති අතර ඉන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 2,631ක් පමණක් වීම විශේෂ තත්වයක් ලෙස හඳුනා ගත හැක. මේ වන විට 67,373ක් සුවය ලබා ඇති අතර 211,748ක් සක්‍රීය ලෙස ප්‍රතිකාර ලබමින් සිටී. එරට ජනගහණය මිලියනයකට වාර්තා වන ආසාධිතයින් ගණන 1,931ක් වන අතර මිලියනයකට වාර්තා වන මරණ ගණන 18කි. රට තුළ සිදුකර ඇති කොරෝනා පරීක්ෂණ ප්‍රමාණය ජනගහණය මිලියනයකට සාපේක්ෂව 47,284ක් පමණ වේ.

ස්පාඤ්ඤයේ තත්වය

ලොව තෙවන වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන රට බවට පත්ව ඇත්තේ ස්පාඤ්ඤයයි. මේ වන විට ආසාදිතයින් 277,719ක් වාර්තා වී ඇති අතර ඉන් 27,650 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එය ප්‍රතිශතයක් ලෙස 10%කට ආසන්න අගයකි. ආසාදිතයින් 195,945ක් සුවය ලබා ඇති අතර 54,124ක් සක්‍රීය ලෙස ප්‍රතිකාර ලබමින් සිටී. එරට ජනගහණය මිලියනයකට වාර්තා වන ආසාධිතයින් ගණන 5,940ක් වන අතර මිලියනයකට වාර්තා වන මරණ ගණන 591කි. රට තුළ සිදුකර ඇති කොරෝනා පරීක්ෂණ ප්‍රමාණය ජනගහණය මිලියනයකට සාපේක්ෂව 64,977ක් පමණ වේ.

එක්සත් රාජධානිය

ලොව සිව්වැනියට වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන්නේ එක්සත් රාජධානියෙන් වන අතර එම ප්‍රමාණය 240,161කි. ඉන් 34,466ක් මරණයට පත්ව තිබේ. එරට ජනගහණය මිලියනයකට වාර්තා වන ආසාධිතයින් ගණන 3,540ක් වන අතර මිලියනයකට වාර්තා වන මරණ ගණන 508කි. රට තුළ සිදුකර ඇති කොරෝනා පරීක්ෂණ ප්‍රමාණය ජනගහණය මිලියනයකට සාපේක්ෂව 36,696ක් පමණ වේ.

බ්‍රසීලයේ තත්වය

ලොව පස්වැනියට වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන රට බවට පත්ව ඇත්තේ බ්‍රසීලයයි. මේ වන විට ආසාදිතයින් 233,511ක් වාර්තා වී ඇති අතර ඉන් 15,662ක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ආසාදිතයින් 89,672ක් සුවය ලබා ඇති අතර 128,177ක් සක්‍රීය ලෙස ප්‍රතිකාර ලබමින් සිටී. එරට ජනගහණය මිලියනයකට වාර්තා වන ආසාධිතයින් ගණන 1,100ක් වන අතර මිලියනයකට වාර්තා වන මරණ ගණන 74කි. රට තුළ සිදුකර ඇති කොරෝනා පරීක්ෂණ ප්‍රමාණය ජනගහණය මිලියනයකට සාපේක්ෂව 3,462ක් පමණ වේ.

ඉතාලියේ තත්වය

ලොව හයවැනියට වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන රට බවට පත්ව ඇත්තේ ඉතාලියයි. මේ වන විට ඉතාලියේ සමස්ථ ආසාදිතයින් 224,760ක් වාර්තා වී ඇති අතර ඉන් 31,763ක් මියගොස් තිබෙනවා. එරට ජනගහණය මිලියනයකට වාර්තා වන ආසාධිතයින් ගණන 3,717ක් වන අතර මිලියනයකට වාර්තා වන මරණ ගණන 525කි. රට තුළ සිදුකර ඇති කොරෝනා පරීක්ෂණ ප්‍රමාණය ජනගහණය මිලියනයකට සාපේක්ෂව 48,698ක් පමණ වේ.

ප්‍රංශයේ තත්වය

ලොව හත්වැනියට වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන රට බවට පත්ව ඇත්තේ ප්‍රංශයයි. මේ වන විට එහි ආසාදිතයින් 179,365ක් වාර්තා වී ඇති අතර ඉන් 27,625ක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ආසාදිතයින් 61,066ක් සුවය ලබා ඇති අතර 90,674ක් සක්‍රීය ලෙස ප්‍රතිකාර ලබමින් සිටී. එරට ජනගහණය මිලියනයකට වාර්තා වන ආසාධිතයින් ගණන 2,749ක් වන අතර මිලියනයකට වාර්තා වන මරණ ගණන 423කි. රට තුළ සිදුකර ඇති කොරෝනා පරීක්ෂණ ප්‍රමාණය ජනගහණය මිලියනයකට සාපේක්ෂව 21,218ක් පමණ වේ.

ජර්මනියේ තත්වය

ඉන්පසු වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන්නේ ජර්මනියෙන් වන අතර එම ප්‍රමාණය 176,244ක් වුවත් මරණයට පත්වී ඇත්තේ 8,027ක ප්‍රමාණයකි. ආසාදිතයින් 153,400ක් සුවය ලබා ඇති අතර 14,817ක් සක්‍රීය ලෙස ප්‍රතිකාර ලබමින් සිටී. එරට ජනගහණය මිලියනයකට වාර්තා වන ආසාධිතයින් ගණන 2,104ක් වන අතර මිලියනයකට වාර්තා වන මරණ ගණන 96කි. රට තුළ සිදුකර ඇති කොරෝනා පරීක්ෂණ ප්‍රමාණය ජනගහණය මිලියනයකට සාපේක්ෂව 37,585ක් පමණ වේ.

තුර්කියේ තත්වය

ලොව නව වැනියට වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන්නේ තුර්කියෙන් වන අතර එම ප්‍රමාණය 148,067ක් වේ. ඒ අතරින් 4,096ක් මරණයට පත් වී ඇත. ආසාදිතයින් 108,137ක් සුවය ලබා ඇති අතර 35,834ක් සක්‍රීය ලෙස ප්‍රතිකාර ලබමින් සිටී. එරට ජනගහණය මිලියනයකට වාර්තා වන ආසාධිතයින් ගණන 1,758ක් වන අතර මිලියනයකට වාර්තා වන මරණ ගණන 49කි. රට තුළ සිදුකර ඇති කොරෝනා පරීක්ෂණ ප්‍රමාණය ජනගහණය මිලියනයකට සාපේක්ෂව 18,874ක් පමණ වේ.

ඉරානයේ තත්වය

ලොව දසවැනියට වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන්නේ ඉරානයෙන් වන අතර එම ප්‍රමාණය 118,392ක් වේ. ඒ අතරින් 6,937ක් මරණයට පත් වී ඇත. ආසාදිතයින් 93,147ක් සුවය ලබා ඇති අතර 18,308ක් සක්‍රීය ලෙස ප්‍රතිකාර ලබමින් සිටී. එරට ජනගහණය මිලියනයකට වාර්තා වන ආසාධිතයින් ගණන 1,412ක් වන අතර මිලියනයකට වාර්තා වන මරණ ගණන 83කි. රට තුළ සිදුකර ඇති කොරෝනා පරීක්ෂණ ප්‍රමාණය ජනගහණය මිලියනයකට සාපේක්ෂව 8,022ක් පමණ වේ.

ඉන්දියාවේ තත්වය

ලොව එකොලොස්වැනියට වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන්නේ අසල්වැසි ඉන්දියාවෙනි. එම ප්‍රමාණය 91,314ක් වේ. ඒ අතරින් 2,897ක් මරණයට පත් වී ඇත. ආසාදිතයින් 34,581ක් සුවය ලබා ඇති අතර 53,836ක් සක්‍රීය ලෙස ප්‍රතිකාර ලබමින් සිටී. එරට ජනගහණය මිලියනයකට වාර්තා වන ආසාධිතයින් ගණන 66ක් වන අතර මිලියනයකට වාර්තා වන මරණ ගණන 2කි. රට තුළ සිදුකර ඇති කොරෝනා පරීක්ෂණ ප්‍රමාණය ජනගහණය මිලියනයකට සාපේක්ෂව 1,616ක් පමණ වේ.

Rivira FB Group Rivira Youtube
To Top