(රිවිර.LK, 2020 මැයි 17 පස්වරු 07.47ට)
කොවිඩ් 19 ලෝක වසංගත තත්වය හේතුවෙන් දකුණු ආසියාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව මැයි 17 ඉරිදා පස්වරු 7 වන විට 161,883ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 51,774කි. සමස්ථ ආසාදිතයින් අතුරින් 4,281 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන ආසන්න වශයෙන් 105,828ක් පමණ වේ.
දකුණු ආසියාවට අයත් රටවල් 8 තුළින්ම කොරෝනා වෛරස් ආසාදිතයින් හමුවී ඇති අතර ආසාදිතයින් ප්‍රමාණය අතින් පිළිවෙලින් ඉන්දියාව, පාකිස්ථානය, බංගලාදේශය, ඇෆ්ගනිස්ථානය, මාලදිවයින, ශ්‍රී ලංකාව, නේපාලය සහ භූතානය සිටී. ඒ ඒ රටවල තත්වය පහතින්.
ඉන්දියාවේ තත්වය
ලොව 11 වැනියට වැඩිම ආසාදිතයින් පිරිසක් සිටින සහ දකුණු ආසියාවේ වැඩිම ආසාදිතයින් පිරිසක් සිටින රට වන්නේ ඉන්දියාවයි. ඉන්දියාවේ මේ වන විට ආසාදිතයින් 91,449ක් වාර්තා වී ඇති අතර ඉන් 2,896 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ආසාදිතයින් 34,645ක් සුවය ලබා ඇති අතර 53,908ක් සක්‍රීය ලෙස ප්‍රතිකාර ලබමින් සිටී. එරට ජනගහණය මිලියනයකට වාර්තා වන ආසාධිතයින් ගණන 66ක් වන අතර මිලියනයකට වාර්තා වන මරණ ගණන 2කි. රට තුළ සිදුකර ඇති කොරෝනා පරීක්ෂණ ප්‍රමාණය ජනගහණය මිලියනයකට සාපේක්ෂව 1,616ක් පමණ වේ.
පාකිස්ථානයේ තත්වය
දකුනු ආසියාවෙන් දෙවැනියට වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන්නේ පාකිස්ථානයෙන් වන අතර මේ වන විට ආසාදිතයින් 40,151ක් වාර්තා වී ඇති අතර ඉන් 873 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ආසාදිතයින් 11,341ක් සුවය ලබා ඇති අතර 27,937ක් සක්‍රීය ලෙස ප්‍රතිකාර ලබමින් සිටී. එරට ජනගහණය මිලියනයකට වාර්තා වන ආසාධිතයින් ගණන 182ක් වන අතර මිලියනයකට වාර්තා වන මරණ ගණන 4කි. රට තුළ සිදුකර ඇති කොරෝනා පරීක්ෂණ ප්‍රමාණය ජනගහණය මිලියනයකට සාපේක්ෂව 1,695ක් පමණ වේ.
බංගලාදේශයේ තත්වය
දකුණු ආසියාවේ තෙවැනියට වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේ බංගලාදේශයෙන්. බංගලාදේශයේ මේ වන විට ආසාදිතයින් 22,268ක් වාර්තා වී ඇති අතර ඉන් 328 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ආසාදිතයින් 4,373ක් සුවය ලබා ඇති අතර 17,567ක් සක්‍රීය ලෙස ප්‍රතිකාර ලබමින් සිටී. එරට ජනගහණය මිලියනයකට වාර්තා වන ආසාධිතයින් ගණන 135ක් වන අතර මිලියනයකට වාර්තා වන මරණ ගණන 2කි. රට තුළ සිදුකර ඇති කොරෝනා පරීක්ෂණ ප්‍රමාණය ජනගහණය මිලියනයකට සාපේක්ෂව 1,065ක් පමණ වේ.
ඇෆ්ගනිස්ථානයේ තත්වය
දකුනු ආසියාවෙන් සිව්වැනියට වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන්නේ ඇෆ්ගනිස්ථානයෙන් වේ. මේ වන විට ආසාදිතයින් 6,664ක් වාර්තා වී ඇති අතර ඉන් 169 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ආසාදිතයින් 778ක් සුවය ලබා ඇති අතර 5,717ක් සක්‍රීය ලෙස ප්‍රතිකාර ලබමින් සිටී. එරට ජනගහණය මිලියනයකට වාර්තා වන ආසාධිතයින් ගණන 172ක් වන අතර මිලියනයකට වාර්තා වන මරණ ගණන 4කි. රට තුළ සිදුකර ඇති කොරෝනා පරීක්ෂණ ප්‍රමාණය ජනගහණය මිලියනයකට සාපේක්ෂව 583ක් පමණ වේ.
මාලදිවයිනේ තත්වය
දකුනු ආසියාවෙන් පස්වැනියට වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන්නේ මාලදිවයිනෙන් වන අතර මේ වන විට ආසාදිතයින් 1,078ක් වාර්තා වේ. ඉන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ආසාදිතයින් 58ක් සුවය ලබා ඇති අතර 1,016ක් සක්‍රීය ලෙස ප්‍රතිකාර ලබමින් සිටී. එරට ජනගහණය මිලියනයකට වාර්තා වන ආසාධිතයින් ගණන 1,999ක් වන අතර මිලියනයකට වාර්තා වන මරණ ගණන 7කි. රට තුළ සිදුකර ඇති කොරෝනා පරීක්ෂණ ප්‍රමාණය ජනගහණය මිලියනයකට සාපේක්ෂව 21,833ක් පමණ වේ. (මාලදිවයිනේ සමස්ථ ජනගහණය මිලියනයකට වඩා අඩු අතර එය 539,313ක් පමණ බව සළකන්න.)
ශ්‍රී ලංකාවේ තත්වය
දකුනු ආසියාවෙන් හයවැනියට වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන්නේ ශ්‍රී ලංකාවෙනි. ශ්‍රී ලංකාවේ මේ වන විට ආසාදිතයින් 960ක් වාර්තා වී ඇති අතර ඉන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ආසාදිතයින් 538ක් සුවය ලබා ඇති අතර 413ක් සක්‍රීය ලෙස ප්‍රතිකාර ලබමින් සිටී. මෙරට ජනගහණය මිලියනයකට වාර්තා වන ආසාධිතයින් ගණන 44ක් වන අතර මිලියනයකට වාර්තා වන මරණ ගණන 0.4කි. රට තුළ සිදුකර ඇති කොරෝනා පරීක්ෂණ ප්‍රමාණය ජනගහණය මිලියනයකට සාපේක්ෂව 2015ක් පමණ වේ.
නේපාලයේ තත්වය
දකුනු ආසියාවෙන් හත්වැනියට වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන්නේ නේපාලයෙන් වන අතර මේ වන විට ආසාදිතයින් 292ක් වාර්තා වේ. ඉන් 2 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ආසාදිතයින් 36ක් සුවය ලබා ඇති අතර 254ක් සක්‍රීය ලෙස ප්‍රතිකාර ලබමින් සිටී. එරට ජනගහණය මිලියනයකට වාර්තා වන ආසාධිතයින් ගණන 10ක් වන අතර මිලියනයකට වාර්තා වන මරණ ගණන 0.07කි. රට තුළ සිදුකර ඇති කොරෝනා පරීක්ෂණ ප්‍රමාණය ජනගහණය මිලියනයකට සාපේක්ෂව 3,180ක් පමණ වේ.
භූතානයේ තත්වය
දකුනු ආසියාවේ අඩුම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන්නේ භූතානයෙන් වන අතර මේ වන විට ආසාදිතයින් 21ක් වාර්තා වේ. භූතානයේ මෙතෙක් කොරෝනා මරණයක් වාර්තා වී නැත. ආසාදිතයින් 5ක් සුවය ලබා ඇති අතර 16ක් සක්‍රීය ලෙස ප්‍රතිකාර ලබමින් සිටී. එරට ජනගහණය මිලියනයකට වාර්තා වන ආසාධිතයින් ගණන 27ක් වේ. රට තුළ සිදුකර ඇති කොරෝනා පරීක්ෂණ ප්‍රමාණය ජනගහණය මිලියනයකට සාපේක්ෂව 17,781ක් පමණ වේ. (භූතානයේ සමස්ථ ජනගහණය මිලියනයකට වඩා අඩු වන අතර 770,540ක් පමණ වන බව සළකන්න.)
සුවය ලබා ඇති ආසාදිතයින් ගණන ප්‍රතිශතයක් ලෙස අනුව ගත්විට ආසාදිතයින්ගෙන් වැඩිම ප්‍රමාණයක් සුව වී ඇත්තේ ශ්‍රී ලංකාවේ වන අතර එම ප්‍රමාණය 56%කි. අඩුම ප්‍රමාණය මාලදිවයිනෙන් වාර්තා වී තිබේ. සම්පූර්ණ ලැයිස්තුව පහතින්.
- ශ්‍රී ලංකාව – 56%
- ඉන්දියාව – 37.8%
- පාකිස්ථානය – 28.2%
- භූතානය – 23.8%
- බංගලාදේශය – 19.6%
- නේපාලය – 12.3%
- ඇෆ්ගනිස්ථානය – 11.6%
- මාලදිවයින – 5.3%
ඒ ඒ රටවල මරණ අනුපාතය මෙසේය.
- ඉන්දියාව – 3.1%
- ඇෆ්ගනිස්ථානය – 2.5%
- පාකිස්ථානය – 2.1%
- බංගලාදේශය – 1.4%
- ශ්‍රී ලංකාව – 0.9%
- නේපාලය 0.6%
- මාලදිවයින 0.3%

