දේශීය පුවත්

හිරු නිවුස් අඩවියට “ඊලාම් සයිබර් ආම්”ගෙන් සයිබර් ප්‍රහාරයක්

(රිවිර.LK, 2020 මැයි 18 පෙරවරු 09.32ට)

දෙමළ ඊලාම් සයිබර් ආම් නම් සංවිධානයක් විසින් “hirunews.lk” වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල කර ඇති බව හිරු ආයතනය කියා සිටිනවා.

මැයි 18 පෙරවරුවේ දී විජයග්‍රහණ සැමරුම ඉලක්ක කර “දෙමළ ඊලාම් සයිබර් ආම්” නම් සංවිධානයක් මගින් අදාළ වෙබ් අඩවියට මෙම සයිබර් ප්‍රහාරයක් එල්ල කර තිබෙන බව සඳහන්.

ගුවන් හමුදාවේ සයිබර් ආරක්ෂණ අංශය උපුටා දක්වමින් හිරු ආයතනය පවසන්නේ පැය භාගයක පමණ කාලයක සිට අදාළ සයිබර් ප්‍රහාරය hirunews.lk වෙබ් අඩවිය ඉලක්ක කර එල්ල කර ගනිමින් එල්ල වී ඇති බවයි.

කෙසේ වෙතත් මේ වන විට හිරු ඉංග්‍රීසී පුවත් සේවය යළි යථා තත්වයට පත් කර ඇති අතර සිංහල අඩවිය මෙතෙක් යථා තත්වයට පත්ව නැත.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top