(RIVIRA.LK, 2020 මැයි 18 පස්වරු 06.29ට)
ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් ලීටරය මිල මැයි 17 සිට ක‍්‍රියාත්මක වන පරිදි රුපියල් 5කින් ඉහළ දැමීටම ලංකා ඉන්දියන් ඔයිල් සමාගම කටයුතු කරනු ලැබුවා.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක නව මිල රුපියල් 142ක් බවයි එම සමාගම සඳහන් කළේ.
මේ අතර විදුලිබල හා බල ශක්ති අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටින්නේ IOC ඉන්ධන මිල වැඩි කලත් රජය විසින් ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මගින් නිපදවන කිසිදු ඉන්ධන වර්ගයක මිල වැඩි කිරිම සදහා තීරණය කර නොමැති බවයි.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය කියා සිටින්නේ මිල ඉහළ දැමීමට හේතුව ලෙස දක්වන්නේ පෙට්‍රල් සදහා රජය බදු වැඩි කිරීම බවයි. ලෝක වෙළදපොලේ බොර තෙල් මිල සීග්‍රයෙන් පහළ යද්දී ඉන්දියානු ඔයිල් සමාගම මෙසේ පෙට්‍රල් මිල වැඩි කිරීම පුදුම සහගත බවයි.
පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය පවසන්නේ ඉන්ධන අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස නම් කර ඉන්ධන මිල තීරණය කිරීමේ බලය පාරිභෝගික අධිකාරියට ලබා ගන්නා ලෙස බල කරමින් එම සංවිධානය විසින් අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කර ඇති බවයි.
කෙසේ වෙතත් මෙම අවස්ථාවේ ඉන්දියානු ඔයිල් සමාගම පෙට්‍රල් ලීටරයක මිල ඉහළ දැමීම ඉතාම අසාධාරණ ක්‍රියාවක් වන බැවින් ඒ පිළිබදව සොයා බලා එම සමාගම අලෙවිකරනු ලබන පෙට්‍රල් වල මිල අඩු කිරීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ද එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් රජයෙන් ඉල්ලා සිටී.

