තවත් ආසාදිතයින් 5 දෙනෙකු හඳුනා ගනී
(RIVIRA.LK, 2020 මැයි 18 පස්වරු 08.22ට)
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව මැයි 18 සඳුදා පස්වරු 06.30 වන විට 986ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. මැයි 18 දිනය තුළ මෙතෙක් නව ආසාදිතයින් 5ක් වාර්තා වී ඇති අතර ආසාදිතයින් 21ක් සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.
දිනය තුළ මෙතෙක් වාර්තා වූ ආසාදිතයින් 5 දෙනාම නාවික හමුදා සාමාජිකයින් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.
ඒ අනුව, මැයි 18 පස්වරු 6.30 වන විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 559කි. සමස්ථ ආසාදිතයින් අතුරින් 9 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 418ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 149ක් බවද සඳහන් වේ.
- දෛනික වාර්තාව – සුවය ලැබූ ගණන 559 දක්වා ඉහළට