,
News

යුධ හමුදා විරුවන් 177කට උසස්වීම්, බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මේජර් ජෙනරාල් නිලයට

(RIVIRA.LK, 2020 මැයි 19 පෙරවරු 10.38ට)

මිලේච්ඡ කොටි ත්‍රස්ථවාදය යුධමය වශයෙන් පරාජය කිරීමෙන් පසු සැමරෙන විජයග්‍රහණයෙන් 11 වන සැමරුමට සමගාමීව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නියමය පරිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිලධාරීන් 177 දෙනෙකුට උසස්වීම් ලබා දීමට කටයුතු බව යුද්ධ හමුදාව මැයි 18 දින සඳහන් කළා.

ඒ අනුව බ්‍රිගේඩියර්වරුන් 5ක් මේජර් ජෙනරාල් නිලයටත්, කර්නල්වරු 4ක් බ්‍රිගේඩියර් නිලයටත්, මේජර්වරුන් 39ක් ලුතිනන් කර්නල් නිලයටත්, කපිතාන්වරු 69ක් මේජර් නිලයටත් දෙවන ලුතිනන්වරු 60ක් ලුතිනන් නිලයටත් උසස් කිරීමට නියමිතයි.

අතීතයේ සිට ක්‍රියාත්මක වන සිදුකළ මෙම උසස් කිරීම් මෑත කාලීනව සිදු කරන ලද විශාලතම උසස් කිරීම්වලින් එකක් බව හමුදා ලේකම් කාර්යාලය මැයි 18 පස්වරුවේ නිවේදනය කළේය.

මේජර් ජෙනරාල් නිලයට උසස් කළ නිලධාරීන් මෙසේය.

  • මේජර් ජෙනරාල් සී. යූ මාරසිංහ RSP USP
  • මේජර් ජෙනරාල් ටී. ජේ. කොඩිතුවක්කු RWP RSP ndu
  • මේජර් ජෙනරාල් එච්.පී.රණසිංහ RWP RSP ndc
  • මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනාන්දු RWP USP
  • මේජර් ජෙනරාල් සී. ඩී. වීරසූරිය RWP RSP ndu

බ්‍රිගේඩියර් නිලයට උසස් කළ නිලධාරීන් මෙසේය.

  • බ්‍රිගේඩියර් එස්.එන්. සමරවික්‍රම
  • බ්‍රිගේඩියර් එච්.එම්.එන්.බී. හේරත්
  • බ්‍රිගේඩියර් එන්.ජී.එස් තිලකරත්න
  • බ්‍රිගේඩියර් කේ.එන්. පෙරේරා
Rivira Ads
To Top