කොවිඩ්-19

ශ්‍රී ලංකාවේ ආසාදිතයින් 1000 ඉක්මවයි

(RIVIRA.LK, 2020 මැයි 19 පස්වරු 08.13ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාවමැයි 19 අඟහරුවාදා පස්වරු 06 වන විට 1,020ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. දිනය තුළ මෙතෙක් නව ආසාදිතයින් 28ක් වාර්තා වී ඇති අතර ආසාදිතයින් 10ක් සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.

දිනය තුළ මෙතෙක් වාර්තා වූ ආසාදිතයින් 28 දෙනාම නාවික හමුදා සාමාජිකයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ඒ අනුව, මේ වන විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 569කි. සමස්ථ ආසාදිතයින් අතුරින් 9 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 442ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 135ක් බවද සඳහන් වේ.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top