ශ්‍රී ලංකාවේ ආසාදිතයින් දහස ඉක්මවීමට දින 83ක් ගත වෙයි – දෛනික වාර්තාව
(RIVIRA.LK, 2020 මැයි 20 පස්වරු 05.24ට)
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව මැයි 12 බදාදා පස්වරු 04.30 වන විට 1,027ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. මැයි 20 දිනය තුළ මෙතෙක් නව ආසාදිතයින් වාර්තා වී නැති අතර ආසාදිතයින් 15ක් සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.
මැයි 19 දින ආසාදිතයින් 35ක් වාර්තා වීමත් සමග ශ්‍රී ලංකාවේ ආසාදිතයින් 1,000 සීමාව ඉක්මවා ගිය අතර ඒ සඳහා පළමු ආසාදිතයා වාර්තා වූ දින සිට දින 83ක් ගත වී තිබෙනවා.
ඒ අනුව, මේ විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 584කි. සමස්ථ ආසාධිතයින් අතුරින් 9 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 434ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 112ක් බවද සඳහන් වේ.

මේ වන විට නාවික හමුදා සාමාජිකයින් 585 දෙනෙකුත්, යුධ හා ගුවන් හමුදා සාමාජිකයින් 12 දෙනෙකුත් වෛරසය ආසාදිත සමස්ථ පිරිස අතර සිටිනවා.
ඒ අනුව දැනට සිටින සක්‍රීය ආසාදිතයින් 434 අතුරින්,
- IDH රෝහල – 90
- වැලිකන්ද මූලික රෝහල – 37
- මුල්ලේරියාව මූලික රෝහල – 56
- ඉරණවිල මූලික රෝහල – 05
- කාත්තන්කුඩි මූලික රෝහල – 28
- නාවික හමුදා රෝහල – 156ක් ද
- හෝමාගම මූලික රෝහල – 14ක් ද
- මිනුවන්ගොඩ මූලික රෝහල – 48ක් ද ප්‍රතිකාර ලබමින් සිටිනවා.
මේ වන විට සුවය ලබා ඇති ආසාදිතයින්ගේ අනුපාතය 56.8%ක් ලෙසත් මරණ අනුපාතය 0.8%ක් ලෙසත් වාර්තා වේ.
එමෙන්ම මේ වන විට ශ්‍රී ලංකාව තුළ සිදුකර ඇති සමස්ථ පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 46,413ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරනවා. එම ප්‍රමාණය ජනගහණය මිලියනයකට සාපේක්ෂව 2,168ක අගයක් ගනී.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ දත්ත අනුව දෛනික පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය සහ වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත අනුව හඳුනාගෙන ඇති ආසාදිතයින් ප්‍රමාණය මෙසේය.
- මැයි 01 – 1,107 – නව ආසාදිතයින් ගණන – 25
- මැයි 02 – 1,681 – නව ආසාදිතයින් ගණන – 15
- මැයි 03 – 1,636 – නව ආසාදිතයින් ගණන – 13
- මැයි 04 – 986 – නව ආසාදිතයින් ගණන – 37
- මැයි 05 – 1,491 – නව ආසාදිතයින් ගණන – 16
- මැයි 06 – 1,147 – නව ආසාදිතයින් ගණන – 29
- මැයි 07 – 1,553 – නව ආසාදිතයින් ගණන – 27
- මැයි 08 – 1,821 – නව ආසාදිතයින් ගණන – 11
- මැයි 09 – 1,424 – නව ආසාදිතයින් ගණන – 12
- මැයි 10 – 1,282 – නව ආසාදිතයින් ගණන – 16
- මැයි 11 – 1,057 – නව ආසාදිතයින් ගණන – 06
- මැයි 12 – 1,078 – නව ආසාදිතයින් ගණන – 20
- මැයි 13 – 889 – නව ආසාදිතයින් ගණන – 26
- මැයි 14 – 1,489 – නව ආසාදිතයින් ගණන – 10
- මැයි 15 – 938 – නව ආසාදිතයින් ගණන – 10
- මැයි 16 – 1,081 – නව ආසාදිතයින් ගණන – 25
- මැයි 17 – 1,254 – නව ආසාදිතයින් ගණන – 21
- මැයි 18 – 960 – නව ආසාදිතයින් ගණන – 11
- මැයි 19 – 1,062 – නව ආසාදිතයින් ගණන – 35

මැයි මාසය තුළ මෙතෙක් සමාජය තුළින් ආසාදිතයින් වාර්තා වී නැති බව සෞඛ්‍ය අමාත්‍යංශය කියා සිටිනවා. හමු වී ඇති සියලු ආසාදිතයින් නිරෝධායන මධ්‍යස්ථාන තුළින් සහ නාවික හමුදා සාමාජිකයින් අතරින් හමුවී ඇති බව වැඩිදුරටත් සඳහන් කළා.