කොවිඩ්-19

මැයි 20 දිනයේ වාර්තා වී ඇත්තේ එක් ආසාදිතයෙකු පමණයි

(RIVIRA.LK, 2020 මැයි 21 පෙරවරු 09.02ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව මැයි 20 පස්වරු 10.15 වන විට 1,028ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. මැයි 20 දිනය තුළ නව ආසාදිතයින් 1 අයෙක් පමණක් වාර්තා වී ඇති අතර ආසාදිතයින් 15ක් සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.

මැයි 20 දින වාර්තා වූ ආසාදිතයා කුවේට් සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක් වෙමින් සිටි අයෙකි.

ඒ අනුව, මේ වන විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 584කි. සමස්ථ ආසාදිතයින් අතුරින් 9 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 435ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 112ක් බවද සඳහන් වේ.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top