කොවිඩ්-19

ශ්‍රී ලංකාවේ ආසාදිතයින් ගණන 1,055 දක්වා 27කින් ඉහළට

(RIVIRA.LK, 2020 මැයි 22 පෙරවරු 09.30ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව මැයි 21 පස්වරු 11.58 වන විට 1,055ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. මැයි 21 දිනය තුළ නව ආසාදිතයින් 27ක් වාර්තා වී ඇති අතර ආසාදිතයින් 20ක් සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.

දිනය තුළ වාර්තා වූ ආසාදිතයින් 27 දෙනාගෙන් 11 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වන අතර 15 දෙනෙකු ඩුබායි සිට මෙරටට පැමිණ ගිරාගම නිරෝධායන මධ්‍යස්ථානය තුළ නිරෝධායනයට ලක් වෙමින් සිටි අයයි.

ඒ අනුව, මේ වන විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 604කි. සමස්ථ ආසාදිතයින් අතුරින් 9 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 442ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 139ක් බවද සඳහන් වේ.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top