(RIVIRA.LK, 2020 මැයි 22 පෙරවරු 11.26ට)
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි දැනට පනවා ඇති ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මකව පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය ඇඳිරි නීතිය පිළිබඳ නවතම නිවේදනය මැයි 22 දින නිකුත් කරමින් කියා සිටී.
තවද මැයි 24 ඉරිදා සහ 25 සඳුදා දෙදින දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන බව ද එම නිවේදනයේ සඳහන්.
ඒ අනුව කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවල මැයි 23 රාත්‍රී 8.00 සිට බලාත්මක වන ඇඳිරි නීතිය මැයි 26 වන අඟහරුවාදා උදේ 5.00 ට ලිහිල් කෙරේ.
එම දිස්ත්‍රික්කවල මැයි 26 දින සිට ඇඳිරි නීතිය දිනපතා රාත්‍රී 8.00 සිට අලුයම 5.00 දක්වා පමණක් නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක වෙයි.
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබිය දී ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට ආරම්භ කළ වැඩපිළිවෙළ මැයි 23 දක්වා ක්‍රියාත්මක අතර යළිත් මැයි 26 වන දා සිට පෙර පරිදි ඉදිරියට ගෙන යනු ලැබේ.
කලින් නිකුත් කළ නිවේදනවල සඳහන් ඇඳිරි නීතියට අදාළ කොන්දේසි නොවෙනස්ව පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් කියා සිටී.
එම නිවේදනය පහතින් දැක්වේ.


