කොවිඩ්-19

ආසාදිතයින් ගණන 1,068 දක්වා ඉහළට

(RIVIRA.LK, 2020 මැයි 22 පස්වරු 07.38ට | යාවත්කාලීන කිරීම පස්වරු 10.43ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව මැයි 22 සිකුරාදා පස්වරු 10.00 වන විට 1,068ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. දිනය තුළ නව ආසාදිතයින් 13ක් වාර්තා වී ඇති අතර ආසාදිතයින් 16ක් සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.

දිනය තුළ වාර්තා වූ ආසාදිතයින් 13 දෙනාගෙන් 11 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වන අතර අනෙක් දෙදෙනා මැලේසියාවේ සිට සහ කුවේට් සිට පැමිණ නිරෝධායනයට ලක් වෙමින් සිටි අය බව තහවුරු වී තිබෙනවා.

ඒ අනුව, මේ වන විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 620කි. සමස්ථ ආසාදිතයින් අතුරින් 9 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 439ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 139ක් බවද සඳහන් වේ.

දෛනික වාර්තාව – සුවය ලැබූ ගණන 620 දක්වා ඉහළට, මැයි 05න් පසු මෙරටට පැමිණි 25ක් ආසාදිතයින් අතර

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top