කොවිඩ්-19

නාවික හමුදාවේ ආසාදිතයින් ගණන 600 ඉක්මවයි, 283ක් සුවයි

(RIVIRA.LK, 2020 මැයි 23 පෙරවරු 09.56ට)

ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව මැයි 23 සෙනසුරාදා පෙරවරු 9.30 වන විට 607ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ දත්තවලට අනුව වාර්තා වේ. අවසන් පැය 24 තුළ නාවික හමුදාවේ ආසාදනයට ලක් වී සිටි තවත් සාමාජිකයින් 33 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.

ඒ අනුව, මේ වන විට සුවය ලබා ඇති මුළු නාවික හමුදා සාමාජිකයින් ගණන 283ක් දක්වා ඉහළ ගොස් ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා. නාවික හමුදාවේ සක්‍රීය ආසාදිතයින් ගණන 324ක් බව ද වාර්තා වී තිබෙනවා.

Rivira FB Group Rivira Youtube
To Top