,
Covid-19

සියලු දිස්ත්‍රික්කවලට පැනවූ ඇඳිරි නීතිය මැයි 26 සිට ලිහිල් කෙරේ

(RIVIRA.LK, 2020 මැයි 23 පස්වරු 04.50ට)

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙක ද ඇතුළු දිවයිනේ සියලු දිස්ත්‍රික්ක වෙත පනවා ඇති ඇඳිරි නීතිය මැයි 26 අඟහරුවාදා පෙරවරු 5 සිට ලිහිල් කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

මැයි 23 පස්වරු 4.35ට නිවේදන අංක 124 යටතේ ඇඳිරි නීතිය පිළිබඳ නවතම නිවේදනය නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය මේ බව කියා සිටියා.

ඒ අනුව කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල, දිස්ත්‍රික්ක අතර ගමනා ගමනයට අවසර ලබා දී තිබෙනවා. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක සඳහා දිස්ත්‍රික්ක අතර ගමනා ගමනය තවදුරටත් සීමා කර තිබෙනවා.

මැයි 23 සෙනසුරාදා රාත්‍රී 8ට පනවන ඇඳිරි නීතිය මැයි 26 අඟහරුවාදා පෙරවරු 5 දක්වා දිවයිනටම ක්‍රියාත්මකයි.

මැයි 26 පෙරවරු 5 සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ දිනපතා රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා පමණයි.

ඇඳිරි නීතිය ලිහිල් කෙරුණද සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අනිවාර්ය වේ.

Rivira Ads
To Top